මෙරට රංගන ක්ෂේත්රය තුල නොමැකෙන සටහන් තැබූ රංගන ශිල්පින් දෙදෙනෙක් ලෙස සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන දෙදෙනා හඳුන්වන්න පුළුවන්.
මේ දෙන්නා එකතු වෙලා කරන්න යන අලුත් වැඩක් ගැන මිරර් ආට් අපිට වාර්තා වුණා.
ආරංචියේ හැටියට නම් දෙන්නා පත්තරයක වැඩ පටන් ගන්නයි යන්නේ. පත්තරයක් කිව්වට මේක සිනමාපටයක්. නම “නිව්ස් පේපර්”.
අධ්යක්ෂණය, පිටපත වගේම ප්රධාන චරිත සඳහා පණ පොවන්නෙත් සරත් සහ තිරිමාදුර ශිල්පින් දෙදෙනාම තමයි.
මේ වෙනකොට සිනමාපටය සඳහා සුදුසු ලොකේෂන් එකක් තෝරන බවයි අපිට වැඩිදුරටත් ආරංචි වෙන්නේ.