නාරදගෙ බිරිඳ දිනුෂි . එයාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙසෙද්දි නාරද අතින් තමයි බබාගේ වැඩ ගොඩක් කෙරිලා තියෙන්නෙ.
මේ විදිහට සහයෝගයෙන් වැඩ කරන විවාහක පිරිමි හරි අඩුයි. විශේෂයෙන් බිරිඳගෙ අධයාපන කටයුතු කරගෙන යන්න උත්සාහ ගනිද්දි බහුතරයක් පිරිමි හිතන්නෙ තමන්ට වඩා බිරිඳක් හරි පෙම්වතියක් හරි අධ්‍යාපනය හදාරන්න ඔිනෙ නැහැ කියලා.ඒත් නාරද කොහොමත් වෙනස් විදිහට හිතන සමාජ අවබෝධයක් ඇති සමාජය දැණුවත් කරන කෙනෙක් හැටියට ඒ අවස්ථාව තම බිරිඳට ලබාදීම පුදුමයක් වෙන්න දෙයක් නෙමේ.
නාරදගෙ ජීවතේට ඇගෙන් ලැබෙන සහාය ගැන නාරද මේ විදිහට පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුනා.
"එයා උදේ ලෙක්චර් යන ගමන් මගේ වැඩසටහන අහනවා. එයා තමයි කියන්නේ වාහනේක යන එන අතරතුර මිනිසුන්ට සැහැල්ලූවෙන් විඳින්නට පුළුවන් දෙයක් ගැන කතා කරන්න කියලා. මගේ වෘත්තියේදී විතරක් නෙවෙයි ජීවිතේ හැම දේකදීම ඇය මාව හොඳට ගයිඞ් කරනවා.ඒ අතින් නම් මම ගොඩක් ලකී. එදා වගේම අදටත් සැහැල්ලූවෙන් ජීවිතේ දිහා බලන්න අපට පුළුවන්. ඒ අපි අපිව තේරුම් අරගෙන ඉන්න නිසා. එහෙම වුණාම ජීවිතේට එන ප්‍රශ්නවලට පවා මුහුණ දෙන්න පහසුයි.
මෑතකදී මට ආයෙමත් කොණ්ඩෙ වවන්න ඕනෙ වුණා. දිනූෂි මට ඒකට අවසර දුන්නා. හැබැයි ඒ කොණ්ඩෙ හරියට මේන්ටේන් කරගන්නා පොරොන්දුව පිට. එකිනෙකා තේරුම් ගත්තම ජීවිතේට මුහුණ දෙන එක බොහොම සරලයි. සුන්දරයි. දිනූෂි රැකියාව කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ. එයා රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක්.
ඉතින් කෑම බීම විතරක් නෙවෙයි හැමදෙයක්ම කරන්න ඕනේ සෞඛ්‍ය සම්පන්නවයි. අවුරුද්දකට වරක් වෛද්‍ය පරීක්ෂණයක් කරගන්නත් වෙනවා. ඒ අතින් එයා හැම අතින්ම මාගැන හිතනවා.
එකිනෙකාට ගරුකරමින් සහයෝගය දෙමින් විශ්වාසය එක්ක ජීවත්වෙනකොට එතැන සතුට සැහැල්ලුව නිතැතින්ම ඇතිවෙනවා.