මීනා කුමාරි මේ රටේ වේදිකාවෙ, සිනමාව පමණක් නොව විදේශීය චිත්‍රපට වලත් සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.මේ දවස්වල මීනා සිද්ධාර්ථ ගෞතම දේශීය ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.
පසුගිය කාලයේ යාපනයේදී පවත්වන ලද ජැෆ්නා අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇයට අපූරු පුද්ගලයෙක් මුණගැසුනා.ඒ සාජි. එන් කරුන් නැමැති ප්රථිභාපූර්ණ අධ්යක්ෂවරයායි. ඔහු ඇගේ ඇති සම්බන්ධය ගැනත් ඇය මේ විදිහට ප්‍රකාශ කරලා තිබුනා.
"දැනට වසර කිහිපයටක එපිට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සාජි එන්. කරූන් ලංකාවට පැමිණ ඔහුගේ "කුට්ටිෂාන්ක්"මලයාලම් චිත්‍රපටය සඳහා ලංකාවෙන් නිළියක් සෙව්වා. ඒ සඳහා මා ඇතුළු තව නළු නිළියනට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා. වාසනාවකට එයින් මට එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අවස්ථාව ලැබුණා.
"කුට්ටිෂාන්ක්" චිත්‍රපටය යාපනය චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය වුණා. ඒ අවස්ථාවට සාජි එන්. කරුන් අධ්‍යක්ෂකතුමාත් පැමිණ සිටියා. කලකට පසුව ඔහු මට මුණ ගැහුණා. ඒ වගේම එතැන දී තවත් සුවිශේෂ දෙයක් සිදුවුණා. සාජි 1998 දී පළමුවරට පළමු චිත්‍රපටයේම සම්මාන දිනුවා. "පිරවි"චිත්‍රපටය වෙනුවෙන්. එහි රඟපාන ප්‍රධාන නිළිය"අර්චනා"' මට එතැනදී අර්චනාව හමුවුණා. මම රඟපෑ"කුට්ටිෂාන්ක්" චිත්‍රපටය නරඹලා ඇය මාව හමුවන්නට ඉතාම ආසාවෙන් ඉඳලා තිබෙනවා.මාව යාපනය සිනමා උළෙලේදී ඇයට හමු වුණාම එය ලොකු සප්‍රයිස් එකක් වුණා. මටත් ඒ වගේම තමයි. ඇය "කුට්ටිෂාන්ක්" චිත්‍රපටයේ මම රඟපෑ 'කාලි'චරිතය ගැන හුඟක් කතා කළා. මගේ රංගනය ගැන හුඟක් සතුටුවෙන බව පැවැසුවා. ඒ චරිතය මවන කරන ආකාරයත් එමගින් එහි ප්‍රධාන චරිතය රඟන මමුතිගේ චරිතය ඉස්මතු වන ආකාරයත් ඇය ඉතාම ලස්සනට විග්රහ කළා.මට ලොකු සතුටක් දැනුණා."