පසුගිය සරසවි සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානය හිමිකර ගනු ලැබුවේ 'ඔබ නැතුව ඔබ එක්ක" සිනමා නිර්මාණයේ ප්රධාන චරිතය රගපෑ ඉන්දීය රංගන ශිල්පිනී අංජලී පටෙල් නමුත් අදාළ සම්මානය දුලානි අනුරාධා විසින් ලබා ගැනීම කේෂ්ත්රයේ කා අතරත් කතා බහට ලක්වුණා.
සම්මානයක් ලබා ගැනීමෙදී වන සම්ප්රධායේ වෙනසක් එක් කළ මේ සිදුවීම පිළිබඳ සාකච්ඡාවකදී දුලානි ඊට පිළිතුර ලබා දී තිබුණේ මෙසෙයි.
ඒ සම්මානය ගන්න යන්න කියලා මට පැවසුවේ එහි අධ්යක්ෂ ප්රසන්න විතානගේ. ඔහු මා ළඟින් ම ආශ්රය කරන මගේ හොඳ මිත්රයෙක්.
ඊට අමතරව ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්රපටයේ රඟපෑමට අංජලීව තේරුව අය අතරින් මමත් එක් අයෙක්. ඒ සියලු කාරණා වගේ ම අංජලී අපේ රටට පැමිණෙන සෑම අවස්ථාවක ම මා ඇයව මුණ ගැසෙනවා.
මා සිතන විදියට අපේ රටේ ඉන්න නිළියන් අතරෙන් ඈ හඳුනන්නේ මා පමණයි. ඒ ඇති වී තිබුණු මිත්රකමට හා මගේ මිත්රයාගේ වචනය අහක දමන්නත් බැරිව ගිය නිසා මා ඒ සම්මානය ගත්තා.
සබැඳි පුවත්