ඊයේ දින පැවති 33 වැනි සරසවි සම්මාන උලෙළේ හොඳම අධ්යක්ෂණයට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන දිනාගැනීමට සමත් වුයේ ප්රසන්න විතානගේ "ඔබ නැතිව ඔබ එක්ක" සිනමාපටයයි
එසේම 'ඔබ නැතුව ඔබ එක්ක" සිනමා නිර්මාණයේ ප්රධාන චරිතය රගපෑ ඉන්දීය රංගන ශිල්පිනී අංජලී පටෙල් හොඳම නිළිය ලෙස සම්මානය හිමිකර ගනු ලැබුවා.
අදාළ සම්මානය ලබා ගැනීමට අංජලී ලංකාවට පැමිණ නොසිටිය අතර එම චිත්රපටයේ අධ්යක්ෂකවරයා සිටියදී මෙම අවස්ථාවට විශේෂත්වයක් සිදු කරමින් එම සම්මානය ලබා ගත්තේ දුලානි අනුරාධා විසිනි.
සම්මාන ප්රධානයකදී අදාළ සම්මාන ලභීයා නොමැති අවස්ථාවක සම්මානය ලබා ගත යුත්තේ එම චිත්රපටයේ අධ්යක්ෂකවරයා හෝ අදාළ කාර්ය මණ්ඩලයේ පුද්ගලයකු වූවද එම චිත්රපටයට කිසිඳු ආකාරයක සම්බන්ධයක් නොමැති දුලානි විසින් හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තේ ඇයිද? යන්න පිළිබඳ කේෂ්ත්රයේ බොහො දෙනා අතර මේ වන විට කතාබහට ලක්ව ඇති කාරණයක් බවට පත්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිනමා අධ්යක්ෂක ප්රසන්න විතානගේ 'මිරර් ආර්ට්ස්' කළ විමසීමකදී මෙසේ අදහස් දක්වා සිටියේය.
'සම්මාන උලෙළ ට අංජලී පැමිණේනවාදැයි සරසවිය අපගෙන් විමසා සිටියා. අපත් සම්මාන උලෙළ ට ඇයව ගෙන්වා ගැනීමට උත්සහා කලත් එය නොහැකි වුණා.
දුලානි සහ අංජලී හොද යහලුවො දෙන්නෙක්. ඒවගේම ඇය මගෙත් මිතුරියක්. දුලානි "ඔබ නැතිව ඔබ එක්ක" චිත්රපටයට සුදුසුදැයි සෙවු නිළියන් අතරින් එක් අයෙක්.
ඒ නිසා මම දුලානි අනුරාධගෙන් ඉල්ලා සිටියා යම් සම්මානයක් ලැබුණොත් ඇය වෙනුවෙන් ඒ සම්මානය ලබා ගන්නා ලෙස.
ඒ වගේම හොඳම නිළියකට ලැබෙන සම්මානයක් පිරිමියෙක් ලබාගන්නවාට වඩා ගැහැණියක් ලබා ගැනීම වඩාත් සුදුදු යැයිද ප්රසන්න වැඩිදුරටත් පවසා සිටියේය.