සොෆී ටර්නර් සහ ජෝ ජොනාස් තකහනියේ විවාහ වෙයි (වීඩියෝ)
ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනි සොෆී ටර්නර් සහ ජනප්‍රිය ගායන ශිල්පී ජෝ ජොනාස් හදිසියේම විවාහ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මැයි 2 වැනිදා ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවති බිල්බෝඩ් සංගීත සම්මාන උළෙලින් පසුව පැවති මේ හදිසි විවාහ උත්සවයේ දී ඔවුන් දෙදෙනා විවාහ කර දී ඇත්තේ එල්විස් ප්‍රෙස්ලි ලෙසින් ඇඳගත් පුද්ගලයෙක් විසිනි. සොෆී සුදු පැහැති ජම්ප්සූට් එකක් සහ දිගු වේලයක් ඇඳ සිටි අතර මංගල මුදු ලෙස පැණි රසැති මුදුවක් යොදා ගත් බවයි සඳහන් වන්නේ.
පවුලේ සමීපතමයන් සහ යහළුවන් කිහිප දෙනෙක් මේ සඳහා එක්වී ඇති අතර උත්සවයට ඔවුන් දෙදෙනාට වියදම් වී ඇත්තේ ඩොලර් 600 ක වැනි මුදලක් බව විදෙස් මාධ්‍ය සඳහා කරනවා. මෙම විවාහ උත්සවය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කිරීමට DJ ඩිප්ලෝ කටයුතු කර තිබුණා.
සොෆී සහ ජෝ යුවළ විවාහ ගිවිස ගත්තේ 2017 වසරේ ඔක්තෝබර් මසදී යි.