අනුෂාගේ විවාහය ආයෙත් කල් යයි
රංගන ශිල්පිනි අනුෂා දමයන්තිගේ විවාහ මංගල්‍යය පසුගිය දිනක පැවැත්වීමට නියමිතව තිබුණත් පාස්කු ඉරුදින ඛේදවාචකය නිසා එය කල් දැමීමට සිදුව තිබුණා.
ප්‍රහාරවලින් විශාල පිරිසකගේ ජිවිත අහිමි වුණු අවස්ථාවක විවාහ උත්සවයක් පවත්වා සතුට සමරන්න නොහැකි නිසා එය කල් දැමු බවයි අනුෂා සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ.
කොහොම නමුත්, එළඹෙන ජූලි මස සහ සැප්තැම්බර් මස නැකත් දින දෙකක් ලබා දී ඇති නිසා ඉන් එක දිනයකදී විවාහ උත්සවය ගැනීමට සිතාගෙන සිටින බව ඇය කියා තිබෙනවා.
දිනෙන් දින කල් ගියත් මෙම වසරේ දී අනිවාර්යයෙන්ම යුග දිවියට පිවිසෙන බව යි වැඩිදුරටත් අනුෂා පවසා ඇත්තේ.