නීටා ලැබූ ජාත්‍යන්තර සම්මානයෙන් පසු සිනෙස්ටාර් පදනමේ පැවති රැස්වීමක් අතරතුර නීටාට කරන ලද උපහාරයක් මැයෙන් මිරර්ආර්ට්ස් හි පළවූ ප්‍රවෘත්තියක් නැවරදි කිරීමට සිදුව තිබේ. එය මෙසේ කරන්නේ මේ සටනද තබමිනි.
නීටා ප්‍රනාන්දු ජාත්‍යන්තර සම්මානයට පාත්රවන්නේ දෙවැනි වතාවටය. පළමු වතාව වනුයේ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරණු ලැබූ පව්රු වළලු සිනමා නිර්මාණය වෙනුවෙනි. විසාකේස විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ පාංශු දෙවැනි සම්මානලාභී අවස්ථාවයි. පළමු වර සම්මානය ලැබූ විට නීටාට උපහාර කරනු ලැබුවා පමණක් නොව ඇයට යම් යම් තෑගි බෝගද හිමිවිය.
දෙවැනි අවස්ථාවේ උපහාරයක් කරන ලදැයි සිනෙස්ටාර් පදනමෙහි සමීප අයෙකු වන ශෙරීන් කුමාරතුංග සිය මුහුනුපොතෙහි ජායාරූපක් පළකොට සටහනක්ද යොදා තිබුණි.
https://mirrorarts.lk/gossip/5290-nita-fernando#sigProIdc367af1872
මෙම සටහන මුල්කොටගෙන මිරර්ආර්ට්ස් වෙබ් අඩවිය ද එය පළකර තිබුනේ නීටාට උපහාර යනුවෙනි.
නමුත් එය උපහාරයකට වඩා ත්‍යාගයක් බව තතු දන්නෝ මිරර්ආර්ට්ස් වෙත දන්වා සිටියේ එය නිවැරදි කරන්නේනම් වඩාත් සුදුසු බව පවසාය.
ශ්‍රියානි අමරසේන රංගන ශිල්පිණිය විසින් නීටා ප්‍රනාන්දු රංගන ශිල්පිණියට සිනෙස්ටාර් පදනමේ රැස්වීමක් තිබෙන බැවින් එදිනට පැමිනෙන්නයැයි ආරාධනා කර ඇති බවත් අනතුරුව නීටා ප්‍රනාන්දු එහි ගිය විට පිරිස අත්පොලසන් දී ඇයව පිළිගෙන යම් පාර්සලයක් පිළිගන්වා ඇති බවත්,එය සිනෙස්ටාර් පදනමේ ලාංජනය සහිත කෝපි සෙට් එකක් බවත්, ඉන් අනතුරුව නීටා ප්‍රනාන්දු මහත්මිය එම පාර්සලය බාරගැනීමෙන් අනතුරුව එතැනින් පිටව ගිය බවත් වාර්ථා වෙයි.
අපි මිරර් ආර්ට්ස් නීටා ප්‍රනාන්දු මහත්මියට උපහාර කළා ය යන්නෙන් ප්‍රවෘත්තියක් පළකිරීමෙන් යම් අපහසුතාවක් සිදුවූයේනම් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.
ලංකාවේ ප්‍රවීණ යැයි සැළකෙන කලාකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් වසරකට වරක් අතිවිශාල මුදලක් උපයන (ඒ මුදල් ජනතාවගේම මුදල් බව ද සඳහන් කරන්නෙමු) ආයතනයක මෙවන් ජාත්‍යන්තර සම්මානයට පාත්රවූ සහෝදර රංගන ශිල්පිණියකට කෝපි කෝප්ප දී උපහාර කිරීම කට ලඝුවීම උත්ප්රාසයකි.
රංගන ශිල්පිණියක ගේ රංගනය ඇගයීමට ලක්වීම සතුටකි. වාසනාවකි. එය දක්ෂ කමකි. නීටා අපි ඔබට සුබ පතන්නෙමු. මෙය ඔබට සැබෑ උපහාරයක් වේවා!!!