ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන මේනකා පීරිස් දැන් සිනමාවටත් නැතිම බැරි නිළියක් වෙලා.
මේනකා ගේ නවතම සිනමා රංගන ය මෙවර දකින්න ලැබෙන්නේ චත්‍ර වීරමන් ගේ ‘ආලෝකෝ උපදිපාදි’ චිත්‍රපටයෙන්.
තීය නම බැමිණියගේ චරිතය තමයි මේනකා එහි නිරූපණය කරන්නේ.
කොහෙම නමුත් මේනකා ‘ආලෝකෝ උපදිපාදි’ රූගත කිරීම් අතර තුරකදි සිදුවුණ අනතුරක් නිසා මේනකාගේ ජීවිතය බේරුණේ අනූනවයෙන් කියලා තමයි අපට දැනගන්න ලැබන්නේ.
‘අවසාන දර්ශනයේදී තීය බැමිණියගේ අවසාන දර්ශනය. කෘතිම වැස්සක් යෙදුවා මම ඉන්නෙත් උඩුපිළි අතට.. කන් නහය වතුරෙන් පිරෙනවා. ඇත්තටම මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුණා. අනික මට අන්දවලා තිබුණේ යුද ඇඳුමක්. එදා මට හුස්ම ගන්න බැරිවුණා. අධ්යක්ෂවරයාගේ සිට කැමරා අධ්යක්ෂවරයා දක්වා හිතුවේ මම රඟපානවා කියලා. ඒ වෙලාවේ අධ්යක්ෂවරයා කට් කියයි කියලා මම හිතුවේ. අන්තිමේ සියල්ලම අමතක වෙලා මම කෑගහගෙන නැගිට්ටා.
චිත්‍රපටය අවසානයේ තීය බැමිණීය නැතිවුණා වගේ එදා මේනකා පීරිස් මැරෙන්න තිබුණා. මම එදා මරණය ළඟට ගිහින් ආවේ. ‘ කියලා තමයි මේනකා තමන්ගේ ඒ අත්දැකීම ගැන කිව්වේ.