-මම පාර්ලිමේන්තුවට නෙමේ ආවේ... මම ඇවිත් ඉන්නේ සිනමා ශාලාවකට-
සේමිණී ඉද්දමල්ගොඩ ජනාධිපති සිනමා සම්මාන උළෙල ට නොගියේ දේශපාලඥයින් සම්බන්ධව සිනමා සම්මාන උළෙලවල්වලට යාමට විරෝධය පෑමක් ලෙසින්ය යන්න අපට දැනගන්නට ලැබිණි.
ඊයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය මංගල දර්ශනය වැල්ලවත්ත සැවෝයි ප්රිමියර් සිනමා ශාලාවේදී ප්රදර්ශනය ආරම්භ වූයේ නළු නිළියන් කලාකරුවන් ඇතුළු රැසකගේ සහභාගිත්වයෙනි. මෙම මංගල දර්ශනය සඳහා රටේ ජනාධිපතිවරයාට ද ආරාධනා කර තිබුන බැවින් ජනාධිපති ආරක්ෂකයින් ද සිනමා ශාලාව ආක්රමණය කර තිබිණ.
සේමිණී සිය මෝටර් රථය සිනමා ශාලාවේ වාහන ගාල් කරන ස්ථානයේ කිසිවෙකුට බාධා නොවන අයුරින් ගාල් කර ඇත. එහිදී සිනමා ශාලාවේ ආරක්ෂකයින් ප්රථමයෙන් පැමිණ ඇයට වාහනය එතැනින් ඉවත් කර වෙනත් තැනක ගාල් කරන්නැයි ඉල්ලූ විට සේමිණී කිසිවකුට ඇයගේ රථය නිසා අවහිර නොවන බව පවසා සිනමා ශාලාවට ඇතුල්ව අසුන් ගෙන තිබිණ. අනතුරුව මොහොතකින් ඇය අසලට පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයෙන් ද එම ඉල්ලීමම කර ඇත.
එවිට සේමිණී විමසා ඇත්තේ මොකද්ද හේතුව යනුවෙනි. එවිට ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ රථයට එය අවහිරයක් විය හැකි බවයි. එවිට සේමිණී පවසා ඇත්තේ එතැන කාටවත් අවහිරයක් නොවන බව සහ මම පාර්ලිමේන්තුවට නෙමේ ආවේ... මම ඇවිත් ඉන්නේ සිනමා ශාලාවකට බවයි.
මෙහිදී ජනාධිපති ආරක්ෂකයින් ආපසු නිහඩව පිටත්ව ගොස් ඇත. මහපාරත් ඒ ගොල්ලො අයිති කරගෙන හැම තැනම එයාල ට ඕනෙ විදිහට අයිති කරගන්නවා. අපිට ආඩම්බරේකින් අපේ කියලා තැනකට එන්න පුළුවන් සිනමා ශාලාවකට විතරයි... එතැනටත් ඇවිත් අපිට බාධා කරනවා... යනුවෙන් ඇය අසළ සිටි අයට පැවසූ බව මිරර් ආර්ට්ස් වෙත වාර්තා විය.
සේමිණීගේ මෙම ප්රකාශයට එතැන සිටි පිරිසක් ඇයට සිය ප්රසාදය පළ කර තිබේ.