“තාත්තා හීනෙකින්වත් නොහිතන්න ඇති එයාගෙ ලේ අත්සනත් ඒ පිටුවෙම වදීවි කියලා”
නැසීගිය ප්රවීන ගායන ශිල්පී නාරද දිසාසේකරගේ පුත් සාරංග දිසාසේකර කියන්නේ මෙරට රසික ආදරයට පාත්ර වූ දක්ෂ රංගන ශිල්පියෙක්.
ඔහු රංගනයට පමණක් නොව නිවේදනයට මෙන්ම ගායනයට ද එකසේ දස්කම් දක්වන කලාකරුවෙක් යැයි පැවසුවොත් නිවැරදියි. ඒ නිසාම ශ්රී ලංකාවේ මෙන්ම විදෙස් සංගීත ප්රසංග සඳහා ද සාරංගට නිරතුරුවම ආරාධනා හිමිවන බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.
එහෙම ලැබුණු ආරාධනාවක් අනුව ඔහු සහභාගී වුණු ප්රසංගයක දී සිදු වූ අපූරු සිදුවීමක් ගැන තමයි අපි දැන් කියන්න යන්නේ. ඒ ප්රසංගය තමයි කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණු “ජෝති ගැයූ ගී සිනමාවට” උපහාර ප්රසංගය. එහිදී සිදුවූ මේ අපූරු සිදුවීමක් ගැන සටහනක් සාරංග සිය මුහුණු පොතට එක්කර තිබුණේ මෙලෙසින්,
“ජෝති ප්රසංගයට ආපු රසිකාවියක් එයාගෙ සමරුපොත මට දීලා කිව්වා, "ඔයාගෙ තාත්තත් මේකෙ අත්සන් කරලා තියනවා" කියලා..මම ඉස්පාසුවක් නැතුව පිටු පෙරලගෙන පෙරලගෙන ගියා.. ඇත්තමයි !! 1974 දවසක තාත්තා අත්සන් කරලා.. මම ඉපදෙන්නත් අවුරුදු ගානකට කලින්.. මට ඒක අදහගන්නත් බැරිවුනා.. මමත් ඉතින් මගේ පුංචි අත්සන ඊට යටින් ගැහුවා.. එදා තාත්තා ඒ සමරු පිටුව අත්සන් කරද්දි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති කවදහරි එයාගෙ ලේ අත්සනත් ඒ පිටුවෙම වදීවි කියලා...”