සන්නස්ගල සයිබර් අවකාශයේ සිංහල පන්තියක් පටන් ගනියි
උපුල් ශාන්ත සන්නස්ගල නම් අරගලකරුවා අලුත් වැඩකට අත ගැසීමේ සුදානමින් පසුවෙයි. සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඒ ගැන ඉඟි කරන ඔහු කියන්නේ තවත් මාස දෙකකින් සයිබරේ “අපේ සිංහල පන්තිය” ආරම්භ කරනා බව යි. සරලවම කියනවනම් 2020ක් වන එළඹෙන වසරේ දී සයිබර් අවකාශයේ සිංහල පන්තියක් කිරීමට ලක ලැහැස්ති වෙන බවයි. මේ ඒ ඉඟියයි,
“සිංදුවක් ලීවේ,කීවේ,කැමරා කළේ,එඩිට් කළේ,මික්ස් කළේ,අවුරුදු දහසයේ දාහතේ මහනුවර පන්තියේ පුංචි ගැටව්.
දැන් උන් ලොකු ඇති .ලෝකෙ කොහේ හරි හොඳින් ඇති .
දශකයටත් කලින් උඹලා කොච්චර මොඩර්න් ද ?
ඒ කාලෙත් අපි අතරෙ ආදරේ එහෙම ම තිබුණා .
පන්ති කාමරෙන් පිට උන් තරුණ වයසේ උඹලට මට ඊර්ෂ්‍යා කළා. ඒත් අපි ෆයිට් කළා.
දැන් අපි නාකි! ඒත් නො හැකි නෙවෙයි !
දැන් ටියුෂන් හරි පරණයි අප්පා !
තව මාස දෙකකින් සයිබරේ
'අපේ සිංහල පන්තිය '
පටන් ගන්නවා .
මගෙ ලස්සන මිතුරනි ; අපි ආයෙත් ආදරේ කරමු”
ඡායා : Sehan Kavinda