යොවුන් ගායන ශිල්පී චන්දීප විවාහ ගිවිස ගනියි
ප්‍රවීන කලා ශිල්පින් යුවලක් වන එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පුත්, ගායන ශිල්පී චන්දීප ජයකොඩි අද (30) දිනයේ දී විවාහ ගිවිස ගෙන ඇති බවට වාර්තා වෙනවා.
විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වෙන්නේ කොළඹ, වෝටර්ස් එජ් හෝටලයේ දී යි.
මෙම අවස්ථාවට කලා ක්ෂේත්රයේ සමීප හිතවතුන් පිරිසක් එක්ව සිටි බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
චන්දිපගේ විවාහ ගිවිස ගැනීමට එක්ව සිටි මාධවී වත්සලා ඇන්තනි සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමට මේ ඡායාරුපය එක් කර තිබුණා.