ශලනි තාරකා ටෙලි නාට්‍ය තුළින් රසික හදවත් හි ලැගුම්ගත් රංගන ශිල්පිණියක්.මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වන ඇය ආදරය ගැන ඇගේ අදහස ඉදිරිපත් කරලා තිබුනා. ආදරය අවංක වෙන්න ඒනෙලු. කැපවීම් කරන්න ඔ්නෙලු. හැබැයි ශලනිට ආදරේ ගැන හිතන්න වෙලාවක් නැහැලු.ඒ වගේම වයසට යනවා කියලා බැඳලා ඩිවෝස් වෙන්නත් කැමති නැහැලු.
ශලනි ආදරේ සහ විවාහය ගැන කියන අදහස්
මම හිතන්නේ ආදරය කියන්නේ අවංක හැඟීමක්. එක්තරා විදිහක ලොකු කැප කිරීමක් සහ පරිත්‍යාගයක්.ඇත්තටම මට නම් ආදරේ ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි දෙන්නෙක් තේරුම් අරගෙන දෙන්නට දෙන්නා උදව් කරගෙන ජීවිතයේ ඉස්සරහට යනවා නම් එතැන ආදරේ පවතිනවා. ආදරය කියන දේ වචනයකට සීමා කළාට තේරුමක් වෙන්නේ නැහැ. මොකද අවංකම දෙන්නකුට දෙන්නෙක් කැපවීමෙන් ඉන්න ඕනේ.දෙන්නට දෙන්නා අවංක වෙන්නත් ඕනේ.
විවාහය කියන්නෙත් ජීවිතයට අවශ්‍ය දෙයක්.දැන් නම් විවාහ වෙන්නත් කාලය හරි. හැබැයි මම වයසට යනවා නේද කියලා හිතලා කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මාව තේරුම් ගත්ත මට ආදරේ කරන කෙනෙක් ලැබුණු දවසට මම ආදරේ කරනවා. මට ඕනේ මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්.
කසාද බැඳලා ඩිවොස් වෙන්න මම කොහොමත් කැමැති නැහැ. මට ගැළපෙන කෙනෙක් හමුවුණාම මම විවාහ වෙයි. නැත්තම් මම හැමදාම තනියම ජීවත් වෙයි. ඒ ගැන මම ලොකුවට හිතන කෙනෙක් නොවෙයි.
ජායාරූප අන්තර්ජාලයෙනි
විදුමිණී දිසාකරුණා සමග තරුණි පුවත්පත වෙනුවෙන් කළ සාකච්ජාවක් ඇසුරෙණි.