දමිත් අසංක ලංකාවේ බෙහෝ තරුණ තරුණියන් ප්‍රිය කළ ගායකයෙකි.කළකට පෙර නාමල් උඩුගමගේ ගිතවලට ඇලුම් කලාක් මෙන් දමිත්ගේ ගීතවලටද තරුණ තරුණියෝ ආශා කළහ. ඒ නිසාම දමිත් ට ලංකාවේ එළිමහන් මෙන්ම ගෘහස්ත සංදර්ශණ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවිය.ගායන හැකියාව ඇති පොදු ජනතාවගේ ආකර්ශණය අඛන්ඩව දිනාාගෙන ජනප්‍රිය තලයට කෙනෙකුට පැමිණීමට කාලයක් ගතවේ. නමුත් දමිත් අසංක මෙන්ම ජනප්‍රිය වූ ගායක ගායිකාවන් පසුගිය දශක කිහිපයේම බිහිවිය.
සංගීත සංදර්ශණ යනු ක්‍රිකට් ක්‍රිඩකයන්ට තරග ලැබෙනවාක් මෙනි. ත්රීඩකයන්ට ලැබෙනා කරම් මුදලක් ගායක ගායිකාවන්ට නෙලැබුනත් ගායක ගායිකාවන් ද යහමින් මුදල් උපයති. ලංකාවේ ගායක ගායිකාවන් මුදල් උපයා ස්ථාවර ආර්ථික තත්ත්වයන් ගොඩ නගා ගෙන සිටිති.ග එමෙන්ම ගෙවල් දොරවල් යාන වාහන මෙන්ම විවිධ අමතර ආදායම් මාර්ගද ඔවුන් නිසි කළමනාකරණය තුළින් ගොඩ නගාගෙන සිටිති.
නමුත් දමිත් අසංකට අනුව අද ඔහුට යන එන මං නැතිව ගොස්ය. ඒ ඔහු උපයන ලද මුදල් කළමනාකරණය කර නොගැනීමය. තමන්ගේ ජීවිතයට මුදල් ගලා එනවිට ඒවා පරිහරණය කරන්නේ ඉවක් බවක් නැතිවය. එවිට සිදුවන්නේ කාලයක් ගොස් තමන්ට තමන්ව පවා අහිමිවීමය.
ගායන හැකියාව තිබූ ජනප්‍රියත්වයට පත්ව සිටි දමිත් අසංක ට ගෙයක් දොරක් පවා අහිමිව ගොස් ඇත්තේ ඔහුගේ නිසි කළමනාකරණය නොමැතිවීඹ නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවන බව පැහැදිළිය. ඔහුම කියනා පරිදි ඔහු මුදල් යහමින් ගැවසෙනවිට අත දිග හැර වියදම් කොට ඇත.
ඒ අත දිග යැර වියදම් කිරීම පිළිබඳව දමිත් ප්‍රකාශ කරන්නේ ඔහු මත්පැන්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය බාවිතා කළ බවත් දින 14ක් වැනි කාලයක් සිරගත වීමට සිදුවූ බවත්, සංගීත කණ්ඩායමක් ගොඩ නගන්නට ගොස් ඒවාද විනාශ වූ බවත් තමා ගායන හැකියාවෙන් උපයාගත් යාන වාහන ගෙවල් දෙරවල් සියල්ල විකිණිමට සිදුවූ බව ඔහු එහිදී ප්‍රකාශ කරයි.
දමිත් දිනකට රුපියල් ලක්ෂ 6ක් 7ක් වැනි ප්‍රමාණයක් ඉපැයූ අවස්ථාද තිබූ බව පවසන ඔහු කැසට් නිෂ්පාදකයින් විසින් ඔහුව විකිණු බවද ප්‍රකාශ කර තිබිනි. ලංකාවේ කැසට් ව්‍යාපාරිකයින් එක් යුගයක අධික ලෙස මුදල් ඉපැයූවේ මෙවැනි ජනප්‍රිය ගායක ගායිකාවන් නිසාය. ජෝතිපාල ගේ ගීත කැසට් කර විකුනා බොහෝ අය මුදල් ඉපැයීය.ඒ වනවිට එම මුදල් ගායකයාට හෝ ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ගෙවන වැඩ පිළිවෙලක් නොවීය.
දමිත් අසංක වැල්ලවායේ ඇතිලිවැව ප්‍රදේශයේ ජීවත්වන ගමේ පාසලෙන් අධ්‍යාපනය ලබා පහ වසරේ ශිෂ්‍යත්වය සමත්ව නේවාසිකව අධ්‍යාපනය ලැබූවෙකි. ඔහුගේ පියා ගමේ ජනප්‍රිය ගායකයෙක්ව සිටි බවත් ඔහුට පියාගේ ආභාෂය ලැබී ඇති බවත් ඔහු එම යූ ටියුබ් චැනලයේ සාකච්ජාවේදී පසා තිබේ.
දමිත් ගේ ගීතවලට බොහෝ තරුණ තරුණියන් අදත් ප්‍රිය කරයි.දමිත් යළිත් සිහි කල්පනාවෙන් යුතුව ගීත ගායන වේදිකාවට ප්රවිශ්ටව තිබේ.අත්දැකීම් තමන්ට හොඳම ගුරුවරයා වන්නේය.දමිත් ඒ ගුරුහරුකම් මැදින් සිය ජීවිතයේ සුක්කානම යළි නිවැරදි දිශානිතිය වෙත යොමුකරමින් ගායකයෙකු ලෙස යළිත් සිය දෙවන ගමන පටන් ගනු ඇත.ඔහුගේ ජනප්‍රිය ගීත යළිත් ඔබට අසන්නට හැකිවනු ඇත.
වර්තමානයේ විවිධ රියැලිටි තරග හරහා ගායක ගායිකාවන් වන තරුණ ගායක ගායිකාවන්ට දමිත් අසංකගේ ජීවිතයේ කඩා වැටීම් තමන්ගේ ජීවිතය ගොඩ නගාගන්නට විශාල අත්වැලක් වනු නිසැකයග මන්ද මේ වනවිට ලංකාවේ කලා ක්ෂෙත්රයේ විවිධ අංශවල කටයුතු කරන බොහෝ තරුණයන් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටී. රංගන ශිල්පීන් ගායකයින් විවිධ අංශවල අය මින් ප්රදානය. මේ නිසා ජීවිත පවා අහිමිවූ අවස්ථා මෙන්ම ජීවිත අනතුරු පමණක් නොව විවිධ අපහසුතාවන්ට රෝගවලට ගොඳුරුව ද සිටිති.
දමිත් අසංකලාට තම ජීවිතය හරහා සමාජයේ මත්ද්‍රව්‍ය ලෝලීන්ට ගීතය හා කලාව තුළින් කළ හැකි දේ බොහෝය.
මෙම ලින්ක් එකෙන් ඔහුගේ නවතම සාකච්ජාව නරඹන්න