බොලිවුඩයේ සුප්රකට නිළි ආලියා භට් Isha Ambani's Reliance Retail Ventures Ltd සමඟ සිය ළමා ඇඳුම් සන්නාමයේ හවුල්කාරීත්වය නිවේදනය කර තිබේ.
සිය පෞද්ගලික ඉන්ස්ටග්රෑම් පිටුවේ සටහනක් තබමින් ආලියා මේ බව පවසා ඇත.
"අපට පොදුවේ ඇති වගකීම නම් ආරක්ෂිත, මාපිය හිතකාමී සහ ලෙකයට හිතකාමී වන ළමා නිෂ්පාදනවල දේශීය සන්නාමයක් ගොඩනැගීමේ කාර්යය දිගටම කරගෙන යාමයි." යනුවෙන් එහිදී පවසා ඇති ආලියා "ඊෂාට සහ මා ගත් කල මෙයද අම්මලා දෙදෙනෙකු එකට එකතු වීමකි. එයයි වඩාත් සුවිශේෂීත්වය." යනුවෙන්ද පවසා ඇත.
මූලාශ්ර : Times of India