ජැකලින් ෆර්නැන්ඩස් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුකේෂ් චන්ද්‍රශේකර් බොලිවුඩ් ගායක මිකා සිංට එරෙහිව නොතීසි යවා තිබේ.
ඒ පසුගිය සතියේ ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක හොලිවුඩ් ක්‍රියාදාම තරුවක් වන ජීන් ක්ලෝඩ් වැන් ඩෑම් සමඟ පින්තූරයක් පළ කර තිබූ අතර මිකා සිං එම පින්තූරය යළි පළ කරමින් ලියා තිබුණේ "ඔයා හරිම ලස්සනයි.., ඔහු සුකේෂ්ට වඩා ගොඩක් හොඳයි." යනුවෙනි.
මිකා සිං පසුව මෙය සිය ගිණුමෙන් ඉවත් කර තිබුණද 'ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත පවසන්නේ සුකේෂ් මේ කාරණය සම්බන්ධයෙන් මිකා සිංට එරෙහිව නොතීසි යවා ඇති බවය.
සුකේශ් චන්ද්‍රශේකර් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත් අඩංගුවට පත් වූ අයකු වන අතර ජැකලින් හා ඔහු අතර සම්බන්ධයක් තිබූ බව එහිදී බොලිවුඩ් නිළි නෝරා ෆටේහි විසින් චෝදනා කරනු ලැබිණි. සුකේශ් එහිදී සඳහන් කර තිබුණේ නෝරාද තමන් හා මූල්‍ය සමබන්ධතා පවත්වා තිබුණ අතර ජැකලින් ඇය වැනි කපටි තැනැත්තියක් නොවූ බවයි.