එළඹෙන දිපාවලි උත්සවය නිමිති කරමින් සිය නවතම සිනමා නිර්මාණය වන ටයිගර් 3 නිකුත් කිරීමට නියමිත බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් ඊයේ (08) සිය රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමින් යුවතියකගේ පසුපස හැරුණු රූපයක් ප්රදර්ශනය කළේ ඇය සිය හදවතේ කොටසක් ලෙස නම් කරමිනි.
පනස් විය පසුකොට තවමත් අවිවාහකව සිටින සල්මාන් ඛාන් මෙසේ පළ කර ඇත්තේ සිය අනාගත මනාලිය යැයි සිතා රසික රසිකාවියන් ඔහුට සුබ පතා තිබුණද එසේ ඡායාරූපයක් නිකුත් කර තිබුණේ සල්මාන්ගේ සහෝදරියගේ දියනියගේ බව අද සල්මාන් පළ කර තිබූ ඡායාරූපයෙන් පෙන්වා තිබුණි.
ඒ ඇලීසියා අග්නිහෝත්රි නම් කලක් බොලිවුඩ් නළුවකුව සිටි සල්මන්ගේ සහෝදරිය විවාහ කරගත් නළුවාගේ දියනිය වේ. ඇලීසියා අලුතෙන් එළි දක්වන ඇඳුම් සන්නාමයක එළිදැක්වීමක් වෙනුවෙන් අවධානය ගැනීම පිණිස සල්මාන් මෙය පළ කර තිබූ බව පසුව වාර්තා කෙරිණි.