යෝකෝ ඔකාඩා යනු ශ්‍රී ලංකාවේ දිගු කලක් පදිංචිව සිටින ජපාන ජාතික කාන්තාවකි. එසේ නමුත්, සිය උපන් රට වන ජපානයේ කලාව සහ සංස්කෘතිය මෙන්ම විවිධ සංස්කෘතීන් ගවේෂණය කිරීමට ඇල්මක් ඇති තැනැත්තියකි.
ජපානයේ කියුෂු නගරයේ ඉපදුණු යෝකෝ 60 දශකයේදී ජපානයේ නැසී ගිය මිකාසා කුමරු සහභාගී වූ උත්සවයකදී හමු වූ මහින්ද වීරපුර මහතා සමඟ විවාහ වී ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකි.
බතික් කලාව ඇසුරෙන් 80 දශකයේ ප්‍රථම විලාසිතා සංදර්ශන කිහිපයකට දායක වූ යෝකෝ චිත්‍ර කලාවද හදාරා ඇත. ආචාර්ය සරත් චන්ද්‍රජීවගේ ශිෂ්‍යාවක් වූ ඇය චිත්‍රකරණයේ නව මානයන් වෙත යෑමට යෝකෝ සමත් වූවාය.
සිය රට වන ජපානයේ විලාසිතා, දුර බැහැර රටවල සහ මිනිසුන්ගේ පින්තූර සහ භූ දර්ශන ඇගේ සිතුවම්වලට පසුබිම් වී තිබේ. 2010දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී සිය අවසන් ප්‍රදර්ශනය පැවැත්වූ යෝකෝගේ නිර්මාණ ටෝකියෝ, නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසී, ලොස් ඇන්ජලීස්, ක්වාලාලම්පූර් සහ කොළඹ ඇතුළු වෙනත් ස්ථානවල වර්තමානයේදී දැකගත හැකිය.
මූලාශ්‍ර : Daily Mirror