lan englan tam

වෘත්තීය වෙනුවෙන් වන කැපවීම නිසාම ටොම් කෲස්ට කැමතියි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර Mirror Arts යූටියුබ් නාලිකාවේ Mirror Mirror සංවාදයට මාෂි සේනානායක සමග එක් වන්නේ දිනෙත් ඈපාලියනයි.

දිනෙත් ඈපාලියන රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය බෙහෙවින් දිනා ගත් නව පරපුරේ රංගන ශිල්පියෙකු වන අතර තරුණ ප්‍රජාව අතරේ බෙහෙවින් ආදරය ලබන නළුවෙකු ලෙස හැඳින්වේ.
"මම මාව හඳුන්වන්නේ සාධාරණ හොඳ කෙනෙක් විදිහට. ආදරය හැමෝටම අත්‍යාවශ්‍ය දෙයක්. ආදරය නැතුව මේ ලෝකය පවතින් නෑ. ආදරය කියන්නේ තමන්ගේ උවමනාවට වඩා අනිත් කෙනාගේ උවමනාවට තැන දෙන එක. ආදරය නිර්වචනය කරන්න මම සුදුසු නෑ." දිනෙත් තමන් ආදරය සම්බන්ධයෙන් දරන අදහස Mirror Mirror සංවාදයේදී එසේ පවසයි.
තම වෘත්තීය වෙනුවෙන් දැඩිව කරන කැපවීම හේතුවෙන් දිනෙත් ටොම් කෲස්ට ඉතා ප්‍රිය කරන බවත් තමන් මෙතෙක් රඟපෑ චරිත අතරින් රඟපෑමට අසීරුම සහ කැමතිම චරිතය වන්නේ See You ටෙලිනාට්‍යයේ 'ගීත්' බවත් දිනෙත් පවසයි.
තමන් කිලෝමීටර් දුර පයින් ගිය මිනිසෙකු වන බව තමන්ට අමතක කළ නොහැකි බව පවසන දිනෙත්, බොහෝ දෙනෙකු අපේක්ෂා කරන සුන්දර ලෝකයක් විදේශවල නොවන බවත් තමන් විදේශයන්හිදී එවැනි සිද්ධිවලට මුහුණ දුන් බවත් Mirror Mirrorහිදී හෙළි කරයි.
"මගේ පළවෙනි ජොබ් එක ක්ලීනින් ජොබ් එකක්. සමහර වෙලාවට බස් නෑ. කිලෝමීටර් ගණන් පයින් යනවා. පාරේ ක්ලීනින් කරන කෙනෙක් දැක්කම මාත් කරලා තියනවානේ කියලා මතක් වෙනවා." යනුවෙන් තමන් ජීවිතයේදී මුහුණ දුන් අසීරුකම්, අභියෝග මධ්‍යයේ නළුවෙකු වූ ආකාරය දිනෙත් සංවාදයේදී ඉතා සංයමයෙන් පෙන්වා දෙයි.

Back to top
Go to bottom

Popular News