සිනමාපටයකින් ඇරඹි සොහොයුරි බැඳීම
බොලිවුඩ් රංගන ශිල්පිනි දීපිකා පදුකෝන්, මේග්නා ගුල්සාර්ගේ නවතම සිනමා නිර්මාණය වන “Chhapaak” හි ප්‍රධාන චරිතයට පණ පෙවුවා ය.
ඇසිඩ් ප්‍රහාරයකින් දිවි ගලවාගත් ලක්ෂ්මි අගර්වාල් නම් තැනැත්තියගේ ජිවිත කතාව මුල් කරගනිමින් නිර්මාණය වූ මෙම සිනමාපටයෙන් සමාජයට ගෙන ගිය පණිවිඩය ඇතුළු බොහෝ කාරණා හේතු කොටගෙන ඊට සුබවාදී ප්‍රතිචාර හිමිවිය.
“Chhapaak” දීපිකාගේ ජිවිත දැක්ම ද වෙනස් කිරීමට සමත් වූ සිනමාපටයක් බව වරෙක ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
කොහොම නමුත් ලක්ෂ්මි අගර්වාල්ගේ චරිතයට පණ පෙවූ දීපිකා සහ ලක්ෂ්මි අතර බැඳීම පෙන්වන අපූරු රූප පෙළක් අපට හමුවිය.
ඉන්දියාවේ ප්රමුඛ පෙලේ සඟරාවක් වන ෆෙමිනා හි නවතම කලාපයේ වෙනුවෙන් ගත් රූප පෙළකි මේ,
https://mirrorarts.lk/life/fashion/6297-deepu-femina-200124#sigProId5f74d1456d