ඕනම් සංස්කෘතික උත්සවය ගිය අගෝස්තු මාසයේ ඉන්දියාවේ පැවති සාම්ප්‍රදායික මෙන්ම ඓතිහාසික උත්සවයකි. මෙම උත්සවයේදී චාම්ව සහ සුන්දරව සැරසීම කාන්තාවන්ගේ විශේෂ කාර්යභාරයක් කොට සැලකේ. දකුණු ඉන්දීය කාන්තාවන් උද්යෝගයෙන් අඳින සම්භාව්‍ය සුදු සාරිය, ඕනම් ඇඳුමේ වඩාත් කැපී පෙනෙන අංගයකි. ඒ අනුව කේරළය නියෝජනය කරන රංගන ශිල්පිනියන්ගේ සාරි සහ හිසකේ විලාසිතා පහතින් දැක්වේ. සුන්දර කවුරුන්දැයි වටහාගැනීම ලේසි කටයුත්තක් නොවනු ඇත. කෙසේ නමුත්, තම උරුමයට ඇති ඇල්ම මෙම සාම්ප්‍රදායික විලාසිතාවට ඔවුන් දක්වා ඇති උනන්දුවෙන් පෙන්නුම් කරයි. එසේම ඉන්දීය තරඟකාරී සාරී නිෂ්පාදකයින් ඔවුන්ට මේ සඳහා අනුග්‍රහය සපයා ඇත.
සමන්තා රූත්
රන්වන් සහ සුදු පැහැති සාරියකින් සැරසී සස්ටින්නීය.
සායි පල්ලවී
රෝස පැහැති අතින් වියන ලද කන්ජීවරම් සේද සාරියක් ඇඳ සිටී.
අනුපමා පරමේෂ්වරන්
ඉරි සහිත සිල්ක් ෆියුෂන් සාරියකින් සැරසී සිටී.
කල්‍යාණි ප්‍රියදර්ශන්
සාම්ප්‍රදායික සුදු සාරියකින් සැරසී සිටී.
කීර්ති සුරේෂ්
දීප්තිමත් රතු හැට්ටයක් සහ සුදු සාරියකින් සැරසී ඇත.