lan englan tam

මොක්ටේල් එකක් හදමුද?

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොක්ටේල් කරලියට එන්නෙ 1980 ගණන් වලදි. මේ වෙද්දි සෑහෙන ජනප්‍රිය වෙලා තියෙන කොක්ටේල් වල ආරම්භයත් එක්ක තමා මොක්ටේල් වලට පාර කැපෙන්නෙ. කොක්ටේල් වලින් මිදිල මොක්ටේල් ඉදිරියට එන්නෙ අපේ අමද්‍යප යාළුවො වෙනුවෙන්. සාමාන්‍ය සොෆ්ට් ඩ්‍රින්ක් එකකට වඩා වෙනස් අත්දැකීමක් ලබන්න කැමති අය වෙනුවෙන් තමයි ඇල්කොහොල් මිශ්‍ර නොකෙරුනු රසවත් මොක්ටේල් වල උපත සිද්ධ වෙන්නෙ.

 මේ තියෙන් එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුත් මොක්ටේල්  කිහිපයක් ඔබේ හිතවතුන් පිනවන්න මේවා හදාල බලන්න…

1. Mango Mule

mango margarita tease today 160505 a5dd279de1f3ee8092fd2ce605914545.today inline large

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිපිඥ්ඥා පෙති 4ක් 5ක්
  2. මී පැණි 30ml
  3. දෙහි යුෂ 45ml
  4. ජින්ජර් බියර් 45ml
  5. අඹ යුෂ 45ml (වතුර මිශ්‍ර නැති ස්වභාවික අඹ යුෂ)
  6. අයිස් කැට
  • කොක්ටේල් ශේකර් එකක් තියෙනවනම් මේක එහෙම හදාගන්නත් පුළුවන් නැති නම් ඒ හා සමානව භාවිතා කරන්න පුළුවන් බෝතලයක් අරගන්න.
  • එයට පිපිඥ්ඥා සහ මී පැණි මුලින්ම දමා එයට අඹ සහ දෙහි යුෂ එක් කර තප්පර 10ක් පමන හොඳින් සොලවා ගන්න. අයිස් දමාගත් වීදුරුවකට මෙය පෙරාගෙන උඩින් ජින්ජර් බියර් වත් කර මිශ්‍ර කරගන්න.

2. Coconut, Cucumber, Lime and mint Cooler

MocktailRecipes

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොල් වතුර කප් 4
  2. සිහින්ව කපාගත් පිපිඥ්ඥා පෙති 2
  3. දෙහි යුෂ කප් 1\2
  4. සීනි කප් 1\4 (හෝ රස අනුව)
  5. චොප් කරගත් මිංචි කොල කප් 1\4
  • සියල්ල එකට මිශ්‍ර කර පැයක් හෝ පැය දෙකක් ශීත කර පිලිගන්වන්න.

3. Watermelon Mint Agua Fresca

MocktailRecipes 3

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කූල් වතුර කප් 2
  2. ඇට ඉවත් කර කපාගත් කොමඩු මද කප් 2
  3. සීනි මේස හැඳි 2
  4. දෙහි යුෂ තේ හැන්දයි
  5. මිංචි කොල කප් 1\4
  • සියල්ලම හොඳින් මිශ්‍ර කර හැන්දකින් පොඩි කරගෙන පෙරාගන්න. ශීත කර පිළිගන්වන්න.

 

Revitalizer

MocktailRecipes 05

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කැරට් යුෂ 70ml
  2. ඇපල් යුෂ 100ml
  3. සීනි තේ හැන්දක් මිශ්‍ර කරගත් ඉඟුරු යුෂ 15
  4. දෙහි යුශ තේ හැන්දක්
  • සියල්ල හොඳින් මිශ්‍ර කර අයිස් දමාගත් වීදුරුවකට පෙරාගන්න.
Back to top
Go to bottom

Popular News