ලොව පුරා විදිදී ඇති විවිධ සම්ප්රදායන් හා සංස්කෘතීන් සොයා යද්දී බීම සංස්කෘතිය (drinking culture) සුවිශේෂී වේ. ලෝකයේ විවිධ රටවල මිනිසුන් විවිධ අවස්ථාවන් සහ විවිධ හේතු හේතුවෙන් ඇල්කොහොල් පානයන් සඳහා යොමුව ඇත. ඒ අතර චීනයේ මිනිසුන් සම්ප්රදායක් ලෙස අලුත් අවුරුදු උදාවට සති දෙකක කාලයකට පෙරාතුව සිට මත්පැන් පානය කරන අතර ඒ සඳහා විශේශිත වූ මත් පානයක් නැත. මෙම එමෙන්ම මෙම නව වසර සැමරීමේ කොටසක් ලෙස ඔවුන් පවුලේ සියළු දෙනා හා එක්ව විවධ වූ තෑගි බෝග හුවමාරු කර ගන්නා බවද සඳහන්වේ.
චීනය එසේ වෙද්දී ප්රංශයේ රාත්රී ආහාරය සමග රතු වයින් පානය කිරීමට සිරිත වේ. එමෙන්ම ප්රංශය සතුව සුවිහේසී වූ වයින් සංස්කෘතියක්ද ඇත. ඔවුන්ගේ විශ්වාසයනම් ආහාර වේලක් සමග වයින් පානය කිරීමෙන් හදවතේ ස්පන්දනය ඉතාමත් සෞඛ්යාසම්පන්න වන බවයි.
එමෙන්ම සුදු වයින් ද ප්රංශයේ ජනප්රිය පානයක් වන අතර,බොහෝ විට සුදු පැහැති මස් සමග සුදු වයින් පානය කිරීම සිරිත වේ. ප්රංශ සම්ප්රධායට අනුව සුදු පැහැති මස් වර්ග සමග සුදු වයින්ද, වියළි වූ රතු පැහැති මස් සමග රතු වයින් පානය කරයි.
ජපානයේ ඇත්තේ සුප්රසිද්ධ සකේ සංස්කෘතියකි, සකේ නැමති ජපානයටම සුවිශේෂ මත්පැන් වර්ගය ලොවපුරා ප්රචලිතව ඇත. සකේ පානය ජපන් සම්ප්රදාය සමග ඉතා ලඟ සබඳතාවක් පවත්වයි.
යුරෝපීය රටවල ලොකු තැනක් හිමිව ඇත්තේ බිර සඳහාය. විශේෂයෙන්ම මෙම බීර පානය විශේෂයෙන්ම තරුණ පරපුර වැඩි වී තිබේ. ඊට හේතුව ලෙස අනෙකුත් පානයන්ගේ මිල අධික කමත් ඊට සාපේක්ෂව අඩු මුදලක් බීර සඳහා වැය වන බවත් හේතුකොට ගෙන මෙම ප්රවනතාවය හේතු වී ඇති බව පර්යේෂණයක් මගින් තහවුරු වී ඇත.
බීර පානයට වෙලාවක් දිනයක් හේතුවක් අවශය නැති බවත් යුරෝපයේ බොහෝ තරුණයින් සූර් වෙන තුරුම බීර පානය කරන බවද එම පර්යේෂණය මගින් තහවුරු වී ඇත. බීර නිෂ්පාදනද විවිධ ආකාරයට වර්ග කෙරෙන අතර සැර සාන්ද්ර අඩු වර්ගයේ බීම සඳහා යුරෝපය තුල වැඩි නැඹුරුවක් වර්තමානයේ නිර්මාණයවී ඇත.
රුසියාව තුළ ජනප්රියම පානය නම් වෙඩ්කාය. රුසියාව තුළ වොඩ්කා පන්ති බේදයකින් තොරව පානය කරන අතර අධික ශීත කාලගුණ තත්ත්වය නිසාත් ජනතාව උණුසුම් වීම සඳහා වොඩ්කා පානය කරන බවත් සඳහන්ය. දවසේ ඕනෑම අවස්ථාවක වොඩ්කා පානය කරනු බවයි. විශේෂයෙන්ම රුසියාවේ වොඩ්කා ලොව පුරා රටවල් බොහෝ රටවල ජනප්රිය බීමක් වී ඇත.
රට රටවල බීම සංස්කෘති අතර විවිධ සමානකම් මෙන්ම විශේෂ ලක්ෂණද ඇත. ඒ අතරින් ලංකාව පැත්තෙන් ගතහොත් බොහෝ දෙනෙක් මෙම බීම සංස්කෘතිය අමතක කර තිබහට මෙන් මත්පැනි පානය කරන නිසාවෙන් එය කලාවක් ලෙස නොව විනාශයක් ලෙස රටතුල රෙජිස්ටර් වී ඇතිබව සැබෑය.