නත්තල අත ළගටම ඇව්ත්. මෙම උත්සවය සමරන්නේ කිතුණුවන් විතරක්ම නෙමේ. ලංකාවෙනම් හැමෝම වගේ නත්තලට සූදානම් වෙනවා. ආගමික හැගීමකට වඩා උත්සවකාරී හැගීමකුත් සමගයි. අවුරුද්දක් ඉවරවෙනකොට 365ස් දවසක් වැඩ කරලා අරගත්තේ නැති නිවාඩු ටික අරගෙන විවිධ උත්සව ගමන් බිමින් සංචාර යන කාලෙ මේ.
ඒ වගේම තමයි ගෙදරට එන සුවිශේෂී සම්භාවණීය අමුත්තො.ඉතින් දැන් සූදානම් වෙන්න ඔබව දකින්න එන සම්භාවණීය අමුත්තන්ට සංග්‍රහ කරන්න. මිරර් ආර්ට්ස් අළුතෙන් එක්කළ ලයිෆ් ආර්ට් එකෙන් මේ හඳුන්වාදෙන්න යන්නේ කොක්ටේල් එකක්.
Passionfruit Martini -පහසුවෙන් හදාගන්න පුළුවන්. හරිම සරලයි
අවශ්‍ය ද්‍රව්‍ය- වොඩ්කා 20 මිලි ලීටර්
ෆැෂන් ෆෘට් පල්ප් මේස හැඳි 04
ඇපල් යුෂ කෝප්ප 1/3
ලෙමන් යුෂ 20 මිලි ලීටර්
ෆැෂන් ෆෘට් සිහින් පෙත්තක්
කොක්ටේල් මිශ්‍රණ උපකරණය(cocktail shaker) (මෙය වෙළඳපොළෙන් මිළදී ගැනීමට පුළුවන්)
කොක්ටේල් වීදුරුවක් (martini glasses) ශීතකරණයේ තබා ගන්නේනම් සාදනු ලබන පානය වඩා රසවත් වේවි
සාදන ක්‍රමය-වොඩ්කා, ෆැෂන්ෆෘට් පල්ප්, ඇපල් යුෂ, ලෙමන් යුෂ සියල්ල කොක්ටේල් මිශ්‍ර කරන භාජනයට දමා හොඳින් සියළු යුෂ වොඩ්කා සමග මිශ්‍රණය වනතුරු සොළවන්න. අනතුරුව සීතල කොක්ටේල් වීදුරුව ට මිශ්‍රණය කරගත් වොඩ්කා මිශ්‍රණය වක්කරන්න. වීදුරව මත ෆැසන්ෆෘට් පෙත්ත තබා ලස්සන කරගන්න.
ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි මේ කොක්ටේල් එක ගෙදරට එන අමුත්තන් ප්‍රමාණය අනුව වැඩි කරගන්න පුළුවන් අමුද්රවශ මිශ්‍රණය වෙනස් කරගෙන. නත්තලට මේ රසවත් කොක්ටේල් එක හදලා බලන්න.