මාස්ටර චෙෆ් සුපිරි විනිසුරු රන්වීර් බ්‍රාර් අවසානයටම සිය වෙබ් අඩවියේ එළිදැක්වූ ආහාරය වන්නේ පන්ජාබි ක්‍රමයට සැකසූ එළුමස් කරියකි. මෙහි සාදන ක්‍රමය පහතින් මෙසේ පළ කරමු.
එළුමස් පිසීම සඳහා
තෙල් තේ හැදි 1 ½
ගිතෙල් තේ හැදි 1 ½
පෙති කපන ලද ළූණු 4-5
එළුමස් (අස්ථි සහිත) 1 kg
රස කිරීමට ලුණු
සකස් කළ කරි මිශ්‍රණය
සකස් කළ මසාලා තේ හැදි 2
වතුර කෝප්ප 1 ½
පේස්ට් සඳහා
කිරි කෝප්ප 1
සුදුළූණු, කරාබුනැටි 10-12
අඟල් 1 ඉඟුරු (ලෙලි ඉවත් කර දළ වශයෙන් පෙති කපන ලද) අඩක්
අමු මිරිස් (අඩු සැර) 2-3
රතු මිරිස් කුඩු තේ හැඳි 2ක්
කහ කුඩු තේ හැදි 1
කොත්තමල්ලි කුඩු තේ හැදි 1 ½
මසාලා සඳහා
කළු ගම්මිරිස් තේ හැදි 1 ක්
කොත්තමල්ලි තේ හැදි ½
කළු එනසාල් 4
කරාබු නැටි 2-3
Tadka සඳහා
තෙල් තේ හැදි 1
ගිතෙල් තේ හැදි ½
ඉඟුරු අඟල් 1
ටෙන්ඩර් කොත්තමල්ලි තේ හැදි 1
අමු මිරිස් (බීජ නොමැතිව අඩකට කපා) 2-3
තේ හැන්දක වියළි මහදුරු කොළ
පිසූ එළුමස්
සකස් කළ මසාලා තේ හැදි 1
කොත්තමල්ලි කොළ තේ හැදි 2-3
සැරසිලි සඳහා
කොත්තමල්ලි අතු
පිසින ක්‍රමය
කුකර් එකකට, තෙල්, ගිතෙල් එකතු කරන්න, එය රත් වූ පසු ළූණු එකතු කර රන්වන් පාට වන තුරු බැදගන්න.
එළුමස් එකතු කර විනාඩි 2-3ක් ඉහළ ගින්දර මත බැදගන්න.
රස අනුව ලුණු දමා සකස් කරගත් පේස්ට් එක දමා මද ගින්දරේ ටෙන්ඩර් වනතුරු ටික වේලාවක් පිසගන්න.
සාදාගත් මසාලා, වතුර එකතු කර පියනකින් වසා හොඳින් පිසෙන තුරු විසිල් 4-5 ක් පිසගන්න.
වැඩිදුර භාවිතය සඳහා එය පසෙකින් තබන්න.
පේස්ට් සඳහා
බඳුනකට කිරි, සුදුළූණු කරාබුනැටි, ඉඟුරු, අමු මිරිස්, ඩෙගි රතු මිරිස් කුඩු සහ කොත්තමල්ලි කුඩු එකතු කරන්න.
එය මික්සර් ඇඹරුම් යන්තයකට මාරු කර සිනිඳු පේස්ට් එකක් සාදාගන්න.
වැඩිදුර භාවිතය සඳහා එය පසෙකින් තබන්න.
මසාලා සඳහා
වංගෙඩියක් තුළට ගම්මිරිස් ඇට, කොත්තමල්ලි ඇට, කරඳමුංගු, කරාබු නැටි එකතු කර රළු ලෙස අඹරන්න.
වැඩිදුර භාවිතය සඳහා එය පසෙකින් තබන්න.
Tadka සඳහා
කඩයි එකක තෙල්, ගිතෙල් රත්කර ඉඟුරු, කොත්තමල්ලි කඳ, අමු මිරිස්, වියලි මහදුරු කොළ එකතු කර මධ්‍යම ගින්දරේ විනාඩි 2-3ක් බැදගන්න.
පිසගත් එළුමස් එකතු කර උකු වනතුරු මඳ වේලාවක් තැම්බෙන්නට හරින්න.
සකස් කරගත් මසාලා සහ කොත්තමල්ලි කොළ ස්වල්පයකින් එය අවසන් කරන්න.
එය පිඟානකට මාරු කර කොත්තමල්ලි අතු වලින් සරසාගන්න.
රොටි සමඟ උණුසුම්ව පිළිගන්වන්න.