lan englan tam

කාන්තා රූපය අවලස්සන කරන අධි ස්ථුලභාවය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘ආරෝග්‍යා පරමාලාභා’ අපට ඇති පරම ලාභය නිරෝගීභාවයයි. ඒ වගේම ‘විශ්වාසා පරමා ඥාතී’ කියන්නේ විශ්වාසය අපගේ ජීවිතයේ පරම ඥාතිත්වය බවයි.

 අධි ස්ථුලභාවය නැතිනම් අධික තරබාරුබව වර්තමානයේ දැවෙන ගැටලුවක් මෙන්ම රෝගයක් බවට පත් වී ඇත්තේ ද තමාගේ ජීවිතය පිළිබඳ තමා තුළම වූ විශ්වාසයන් බිඳ වැටීමෙනි.

විශේෂයෙන්ම වර්තමාන තරුණියන් මුහුණ දෙන ගැටලුවක් බවට අධික තරබාරුබව පත්වී ඇති බව මෑත කාලීනව සමීක්ෂණ රැසක්ම සිදු කළ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය අසෝක ජයන්ත ජයකොඩි මුල්වරට ‘තරුණී’ට හෙළි කරන්නේ වර්තමාන තාරුණ්‍යයට වටිනා පණිවුඩයක් හෙළි කරමිනි.

‘අධි ස්ථුලභාවය වර්තමානයේ බොහෝ යුවතියන්ට හිතට වධදෙන ප්‍රශ්නයක්. ඒ වගේම දරුවන් නොමැති කාන්තාවන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා විට මුහුණදෙන අතුරු ආබාධ තත්ත්වයක්. එහෙත් මෙහි තිබෙන යථාර්ථය ගැන පැහැදිලි අවබෝධය බොහෝ දෙනකුට නැහැ. සරල ලෙසින්ම ස්ථුලභාවය අර්ථ දැක්වූවොත් යමකුගේ වයස අනුව තිබිය යුතු උසකුත් එම උසට සරිලන බරකුත් තිබෙනවා. මෙම සමමිතිය බිඳී ගොස් උසට ගැළපෙන බරට වඩා අධික බරක් ඇතිවීම රෝගී තත්ත්වයක්. මෙයට ප්‍රධානතම හේතුව අක්‍රමවත් ආහාර රටාවයි. හැබැයි වර්තමානයේ අක්‍රමවත් ආහාර රටාවට වඩා හේතු මෙයට බලපාන බව අප කළ සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. බොහෝ දෙනකුට ශරීරයට නිසි ව්‍යායාමයක් නැතිවීමත් ප්‍රබලම සාධකයක්. අද බොහෝ දෙනකුට නිදි විපර්යාසය පවතිනවා. රාත්‍රී කාලයේ නිදා නොගැනීමත්, අධික ආතතිය නිසා දහවල් කාලයේ නින්ද යෑමත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක්.

අද කාර්යාලවල සේවය කරන කාන්තාවන් වැඩි වේලාවක් ඉඳගෙන සිටීමත් විශාල ගැටලුවක්. ඔවුන් කෑමබීම ඉතාම හොඳින් පාලනයක් ඇතිව ගන්නවා. නමුත් ශරීරයට ව්‍යායාමයක් නැහැ. එයින් උදරය එල්ලා වැටීම, හුස්ම ගැනීමේ අපහසුව, අධික තරබාරුබව ඇති වෙනවා. දැන් බොහෝ යුවතියන් රෑට ඩයට් කරනවානේ... ඉතින් අපි ඒ අයගෙන් අහනවා කොහොමද ඩයට් කළේ කියලා. පාන් පෙත්තක්, චීස් කෑල්ලක්, හොඳ කිරි වීදුරුවක් බීලා කෝලි කුට්ටු ගෙඩියකුත් කෑවා කියනවා. බලන්නකෝ තරම. බත් නොකෑවාට මේක බර ආහාර වේලක් නොවෙයිද? මේවා තමයි අපේ අය කරන වැරැදි. තවත් සමහරු උදේට හොඳට ව්‍යායාම කරනවා. ඊට පස්සේ හොඳ බර කුරක්කන් කැඳ වීදුරුවක් බොනවා. ඉතිං අපි වැය කරපු කැලරිවලට වඩා වැඩි ප්‍රමාණයක් ආපහු අරගෙනනේ. සාමාන්‍යයෙන් කොළ කැඳ කෝප්ප 1/2 ක් තමයි කොලෙස්ටරෝල් ඇති අයට අපි නිර්දේශ කරන්නේ. නමුත් අපි ව්‍යායාම කරලා කුරක්කන් කැඳ බීවාම කොලෙස්ටරෝල් අඩු වෙනවාද?

බත් කෑම තමයි අධික තරබාරුබවට මූලික හේතුව. සමහරු තමුන්ගේ ඇඟේ හැඩය ගැන හිතන්නේ තරුණ කාලේ විතරයි. විවාහ වෙනකල්ම ඇඟේ හැඩය තියා ගන්න උත්සාහ කරනවා. දරුවෝ ලැබුණාට පස්සේ සියල්ල ඉවරයි. ඇත්තටම කාන්තාවක් ලස්සන වෙන්න ඕනේ ඔන්න ඔය කාලෙදි. මේ ගැන අපි කොයි තරම් කතා කරනවාද? ඒත් අපේ අම්මලා 75% ක්ම ඔය දේ තමයි කරන්නේ. අපි මෑතදී සමීක්ෂණයක් කළා අධි ස්ථුලභාවයට ප්‍රධාන හේතුව කුමක්ද කියලා. එහිදී හෙළිවුණු වැදගත්ම සාධකය තමයි මානසික ආතතිය. කොයිතරම් නිවැරැදිව ආහාර ගත්තත් අපේ හිතේ සතුටක් නැතිනම් එයින් ඵලක් නැහැ.

තවත් සමාජයේ විශාල ගැටලුවක් වී තිබෙන්නේ නිසි වයසේදී විවාහ නොවීම හා දරුඵල නොලැබීම. අද තරුණියන් නියම වයසේදී විවාහ නොවීම නිසා තමුන්ගේ ශරීරයේ හැඩය වෙනස් වෙනවා. නැතිනම් නිසි වයසට දරුවන් ලැබීම ප්‍රමාද කරනවා. සමහර විට උපත් පාලන පෙති වැනි දේ පාවිච්චි කරනවා. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස අධික ස්ථුලභාවය ඇති වෙනවා. හිතේ පවතින ආතතිය මානසික ගැටලු මේ සියලු දේ එකතු වූ විට ස්ථුලභාවයට ඇතිවීමට බලපාන හේතුව හඳුනා ගැනීමටත් අපහසුයි.

අපේ ස්ථුලභාවය ගැන නිවැරැදිව දැන ගන්න පුළුවන් සරල ක්‍රමයක් තිබෙනවා. ඔබේ නාභිය හරහා ඉණ වටා සෙන්ටිමීටර්වලින් මැනගන්න. දැන් උකුළ වටා ප්‍රමාණයත් සෙන්ටිමීටර්වලින් මැන ගත්

පසුව ඉණේ වට ප්‍රමාණය උකුලේ වට ප්‍රමාණයෙන් බෙදූ විට එහි අගය 0.8 ට වඩා වැඩි නම් එවැනි කාන්තාවකට අධික ස්ථුලභාවය පවතිනවා. මෙය පිරිමියකුගේ 0.9 ට වඩා වැඩි නම් එයත් ස්ථුල තත්ත්වයක්.

මේ අධික තරබාරුව ඇතිවීමේ භයානකම තත්ත්වය තමයි කොලෙස්ටරෝල්. අපේ ශරීරයට දවසකට කිලෝ කැලරි 2200 ක් අවශ්‍යයි. අපි ගන්නා පිෂ්ට, මේද, ප්‍රෝටීන්වලින් තමයි මේ ශක්තිය නිපදවෙන්නේ. මෙය තරමක සංකීර්ණ චක්‍රයක්. ක්‍රෙයිස් චක්‍රය ලෙස හඳුන්වන මේ චක්‍රයේදී ඉතිරිවන ශක්තිය තමයි කොලෙස්ටරෝල් බවට හැරෙන්නේ. හෘද රෝග ඇතිවෙන්නේ මෙසේ සෑදෙන කොලෙස්ටරෝල් රුධිර නාලවල සිරවීමෙන්.

අධික ස්ථුලභාවය නැති කරගැනීම අපට විශාල අභියෝගයක් නොවෙයි. සාමාන්‍යයෙන් ආහාර අනුභව කරලා අඩුම වශයෙන් පියවර 100 ක් ඇවිදීම හොඳ ව්‍යායාමයක්. ඒ වගේම කෑමට ගොරක පේස්ට් එකක් තනාගෙන හැන්දක් බත් එකට මිශ්‍ර කිරීමත් වටිනවා. තවත් හොඳ මිශ්‍රණයක් ඔබට නිවෙසේදීම තනා ගන්න පුළුවන්. ගොරකා, සුදුලූනු, අබ, ගම්මිරිස්, කුරුඳු, මුරුංගා පොතු, එකට දමා සාදා ගන්නා මිශ්‍රණය තේ හැන්ද බැගින් බත් කනවිට එක් කිරීමත් හොඳම ක්‍රමයක්.

මෙවැනි සරල ක්‍රම මඟින් තමුන්ගේ සිරුරේ බර අඩු කිරීමට නොහැකි අය සඳහා අපි නොමිලේ ප්‍රතිකාර ලබාදෙන සායනයක් රාජගිරියේ ආයුර්වේද රෝහලේ පවත්වනවා. එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් සියල්ල නොමිලේ ලබා දෙන අතර සිරුරේ පවතින අනෙකුත් ආබාධ හා රෝග සඳහා ද වෛද්‍යවරුන් වෙත යොමුකර ප්‍රතිකාර ලබා දෙනවා. උදාහරණයක් ලෙස දියවැඩියාව, අර්ශස් වැනි රෝග තිබේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් පවා ලබා දෙන්නත් අපි ලැහැස්තියි.

ලිව්වේ දුමින්ද කාරියවසම්-

උපදෙස්රාජගිරියේ ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය

අශෝක ජයන්ත.-

 -Team of Helabojun

Back to top
Go to bottom

Popular News