මත් වීම වීවිධ අයුරින් අර්ථකථනය කිරීමට හැකියි. එය ද්‍රව්‍යයමය හෝ ද්‍රව්‍යමය නොවනා දෙයකින් මත් වීමක් වීමට ද පුළුවනි. තම කුලය, ජාතිය, ආගම, රූපය, උගත්කම යන මේ කරුණු වලින් පවා කෙනෙකු මත් කරවීමට හැකිය. එය යම් යම් පුද්ගලයන්ගේ මානසික තත්වය මත රඳා පවතී.
සුරා, කංසා,අබිං, දුම්වැටි යන මේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ද සිදුවන්නේ මත්වීම ය.
කුමන හෝ කරුණක් මත වේවා මත්ද්‍රව්‍යයකට නතු වූ පුද්ගලයාගේ ශරීර අභ්‍යන්තරය එකී ඇබ්බැහියට අනුකූලව හැඩගැසීමට පටන් ගනී. ඒ අනුව ඔහු දිනපතා එකී ආශාව සන්තර්පනය කරනු පිණිස මත් වෙයි. එක් දිනක් හෝ සිය පුරුද්දෙන් ඈත් වීමට ඔහුට නොහැකි ය. ඔහු හුදෙක් මත්ද්‍රව්‍යයේ වහලෙක් බවට පත්වෙයි.
මෙකී වහල් භාවයෙන් මිදෙන්නට එයින් ලත් අතුරු ආබාධයන්ගෙන් මිදෙන්නට සුදුසු ප්‍රතිකාර ක්‍රම වේදයක් අපගේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතී ද? මේ සම්බන්ධව සවිස්තරාත්මකව කරුණු දැනගැනීම සඳහා ආයුර්වේද වෛද්‍ය චන්දිමා කොතලාවලගෙන් අපි කරුණු විමසුවෙමු.
වෛද්‍යතුමියනි, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමට අදහස් කරන පුද්ගලයෙකු වේ නම්, ඔහුට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලින් සහනයක් ලබා ගත හැකි ද?
ඔව්, පුළුවන්. මේ සම්බන්ධ නොයෙක් ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ ඇතුලත් වනවා. මත්ද්‍රව්‍ය භාවිතයේදී ශරීරයේ නිකොටින් තැම්පත් වීම තමයි ගැටළුවක් බවට පත් වන්නේ. මුලින්ම මේ සම්බන්ධයෙන් විශේෂ දෙයක් සඳහන් කළ යුතුයි. දුම්බීම,මත්ද්‍රව්‍ය,මත්පැන්,බුලත් විට වගේම තේ පානය කිරීමෙන් පවා ශරීරයේ නිකොටින් තැම්පත් වීමට පුළුවනි.
තේ පානයෙන් වුණත්?
ඔව්, අනිවාර්යයෙන්ම. තේ පානය කිරීමෙන්,කෝපි පානය කිරීමෙන්, චුයින්ගම්, චොක්ලට් ඔය ඕනෑම දෙයකට ඇබ්බැහි වීමක් වුණ පුද්ගලයෙකුගේ ශරීරයේ නිකොටින් තැම්පත් වීමේ හැකියාව තිබෙනවා.වර්තමානය වන විට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් තේ පානයට ඇබ්බැහි වී සිටිනවා. ප්‍රධාන ආහාර වේලෙන් පසුව තේ පානය නොකළහොත් කිසිම වැඩක් සිදු කර ගැනීමට නොහැකි පිරිසක් පවා ඔවුන් අතර සිටිනවා. ඇබ්බැහි වෙනවා කියලා අපි බොහෝ දුරට හිතන්නේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම පමණක් වුවත් විවිධ ආහාර වලට අධිකව ඇබ්බැහි වූ පිරිසක් අද වනවිට දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි මේවාගෙන් ලැබෙන අතුරු ආබාධ.
ඇබ්බැහි වීම කියන දෙයින් හරියටම අදහස් කරන්නේ මොකක් ද?
තේ පානය කිරීම ගැන කියනවා නම්, අපි සාමාන්‍යයෙන් තේ පානය කිරීම ඇබ්බැහියක් නොවෙයි. දිනකට පස් හය සැරයක් පමණ පානය කිරීමෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මත්ද්‍රව්‍ය වලටත් මෙය අදාලයි. මත්ද්‍රව්‍ය පානය කළ පමණින් මත්වන්නේ නැහැ. පළමුවෙන් මත්ද්‍රව්‍ය මූඩියක පමණ ප්‍රමාණයක් පානය කළ පුද්ගලයා ටික කලක් ගිය පසු මත්පැන් වීදුරුවක් පමණ පානය කිරීමෙන් මත්වනවා. එයින් අදහස් වෙන්නේ අපේ ශරීරය සාමාන්‍ය දරාගැනීමේ සීමාව (Tolerance rate) ක්‍රම ක්‍රමයෙන් පසු කරනවා කියන එකයි. මෙම දරාගැනීමේ සිමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කාලයක් ගියාට අපේ ශරීරයේ ස්නායු උද්දීපනය අඩාල වන්නට පටන් ගන්නවා. අපි බලාපොරොත්තු වන වින්දනය නැති වෙලා යනවා.උදාහරණයක් විදියට, අද අපි එක තේ පානයකින් නිදිමත නැති කරගන්නවා නම් තව සතියකින් පමණ අපට නිදිමත නැති කරගැනීමට තේ කෝප්ප පහක් හෝ හයක් ගැනීමට අවශ්‍ය වේවි. ආයුර්වේද ප්‍රතිකාර වලින් සිදු කරන්නේ ඉක්ම ගොස් ඇති මෙම සීමාව ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් යථා තත්වයට පත් කිරීමයි. ඊට අමතරව අතුරු ආබාධ, ශරීරයේ තැම්පත් වී ඇති දෝෂ එකින් එක වෙන වෙනම ශෝධන සහ වාරණ ක්‍රම මඟින් ඉවත්කිරීම ද ආයුර්වේදයේ සිදු කරනු ලබනවා.
මෙම ඇබ්බැහිවීම් එක පාරටම නැවැත්විය හැකි ද?
බැහැ, එක පාරටම ඇබ්බැහිවීම් නැවැත්වීමට අපහසුයි. පළමුව සිදු කරන්නේ ප්‍රතිකාර ක්‍රම මඟින් දරාගැනීමේ සීමාව ක්‍රමයෙන් අඩු කිරීම. එමගින් සිදුවන්නේ අද මත්පැන් බෝතලයක් බීපු පුද්ගලයෙක්ට හෙට එම ප්‍රමාණය භාවිත කිරීමට නොහැකි වීමයි. ඔහුට වමනය, කැරකිල්ල වැනි අතුරු ආබාධ එන්නට පටන් ගන්නවා. ඉන්පසු අපි එම අතුරු ආබාධ සඳහා ප්‍රතිකාර කරමින් එම තත්වය යටතේ රෝගියාව මාසයක් පමණ රඳවා තබා ගන්නවා. නැවතත් අපි ප්‍රතිකාර මඟින් දරාගැනීමේ සීමාව අඩු කිරීම සිදු කරනවා. යම් කිසි කාලයක් ගත වුණත් මේ ආකාරයෙන් ක්‍රමිකව ප්‍රතිකාර කිරීම මඟින් මත්ද්‍රව්‍ය භාවිතය අවම කළ හැකියි. ඊට අමතරව පංච කර්ම ප්‍රතිකාර මඟින් ශරීරයේ සිර වී ඇති දෝෂ ආදිය ඉවත් කිරීම ද මෙහිදී සිදුකරනවා. ඖෂධීය කැඳ වර්ග ලබා දීමෙන් අක්මාවේ තැම්පත් වී ඇති විෂ ද්‍රව්‍යය ඉවත් කිරීම ද සිදු කරනවා. මෙම ප්‍රතිකාර සිදු කරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් .ඒ වගේම තමයි මෙම ප්‍රතිකාර කිරීමේදී උපදේශනය කියන කරුණ ද ඉතාමත් වැදගත්. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් ඒ සඳහා අප ආයුර්වේදයේ පවතිනවා. මේ මඟින් පුද්ගලයාගේ මානසික තත්වය, හෝමෝන ක්‍රියාකාරීත්වය පවා යහපත් තත්වයකට ගැනීමේ හැකියාව පවතිනවා.
අභිෂේකා වාසල බණ්ඩාර