අපේබහුතරයක්දෙනකරනදෙයක්තමයිපරණතුණ්ඩුවෙන්බෙහෙත්ගන්නඑක. නමුත්ඒහෙමකරනඑකඉතාමත්අවධානම්සහගතක්රියාවක්.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව සිය අභිමතය පරිදි ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබා ගැනීමේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් වියයුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා බීබීසී සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දී තිබේනවා.
"අපි පුරුදු වෙලා සිටිනවා කාලෙකට කලින් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ගත් විට, වෛද්‍යවරයා ලබා දුන් ඖෂධ තුණ්ඩුව පෙන්නලා එවැනි රෝග ලක්ෂණ නැවත මතු වූ විට බෙහෙත් බොන්න. ඇතැම් විට රෝග ලක්ෂණ එක වගේ පෙනුනට රෝගය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්," වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේය.
ප්‍රතිජීවක ඖෂධ සඳහා දක්වන ප්රතිරෝධනය (Resistance) ඉහළ යෑම තුළ වෛරස් සහ බැක්ටීරියා නැසීමට ඇති හැකියාව හීනවන බව පෙන්වා දෙන වෛද්‍යවරයා ප්‍රතිජීවක පමණක් නොව ඕනෑම ඖෂධයක් ලබාගත යුත්තේ වෛද්‍ය උපදේශ මත පමණක් බව අවධාරණය කරයි.
කෙසේවෙතත් ඖෂධ පනතට අනුව වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වෙළඳසැල්වලින් ඖෂධ මිලදී ගත නොහැකි බවත් ඔහු පැවසීය.