උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ කැලණි වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා.
වර්තමානයේ මිනිසා පීඩා විඳින රෝග අතර අක්මාව (Liver) ආශි‍්‍රත රෝග බෙහෙවින් වර්ධනය වීමේ අවදානමක් පවතී. අක්මාව ආශි‍්‍රත රෝගයක් තමාට ඇති වී ඇති බව (හෙපටයිටීස් රෝග හැරුණු කොට) රෝගියාට ක්ෂණිකව දැන ගන්නට හැකියාවක් නොමැත. එයට හේතුව වන්නේ මූලික අදියරේ කිසිදු රෝග ලක්ෂණයක් රෝගියාට පෙන්නුම් නොකිරීමයි. එබැවින් මෙම ලිපියේ අරමුණ වන්නේ අක්මාවට හානි වන අවස්ථා පිළිබඳ ඔබ දැනුවත් කිරීමයි.
මිනිස් සිරුරේ තිබෙන ඉන්ද්‍රියයන් අතර ප්‍රධාන ස්ථානයක් හිමිවන අක්මාවෙන් සිදුවන ප්‍රධාන කාර්්‍යයක් වනුයේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් 90% ක්ම නිෂ්පාදනය කිරීමයි. ආහාරවලින් ලබාගන්නා ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කර අක්මාවේ ගබඩා කිරීම සිදු කෙරෙන අතර පිත නිෂ්පාදනය සිදු වන්නේ ද අක්මාවෙනි. එසේම සිරුරට ඇතුල් වන විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම අක්මාවෙන් සිදු කෙරෙන තවත් කාර්්‍යයකි. ඊට අමතරව අක්මාවෙන් තවත් විශාල කාර්්‍ය භාරයක් සිදු කෙරෙන බැවින් අක්මාව රැක ගැනීම අතිශයින් වැදගත් වේ.
අක්මාවට හානි සිදුවිය හැකි අවස්ථා අතර විවිධ ඖෂධ වර්ග මෙන්ම මිනිසාට වැළඳෙන විවිධ රෝගාබාධ හේතු වේ.
හෙපටයිටීස් A B C සහ E නමැති සියලුම රෝග කාණ්ඩයන් වැළඳීම අක්මාවට හානි සිදු වීමට ප්‍රබල හේතුවකි. හෙපටයිටිස් රෝග නිසා ක්ෂණිකවම අක්මාවට හානි සිදුවිය හැක. එසේම ඩෙංගු, මී උණ වැළඳීමෙන් ද අක්මාවට බලපෑම් ඇති කරවන තවත් රෝග කිහිපයකි.
උණක්, අඟපත රිදීමක් වෙතොත් ඔබ බොහෝදෙනා ඉතා සරලව ලබා ගන්නා පැරසිටමෝල් නිරන්තරයෙන් ලබා ගැනීමෙන් සහ එකවර විශාල ප්‍රමාණයක් ලබා ගැනීම නිසාද හානිය සිදුවන්නේ අක්මාවටය. විශේෂයෙන් ඩෙංගු වැනි රෝගයකදී වෛද්‍යවරුන් විසින් පැරසිටමෝල් ලබා දීම සීමා කරනුයේ අක්මාවට ආරක්ෂා කර ගැනීමටය.
ක්ෂය රෝගය සඳහා ලබාදෙන ඖෂධ දීර්ඝකාලයක් ගැනීමෙන් අක්මාවට හානි සිදුවිය හැකි තවත් හේතු සාධකයකි. එසේම රුධිර පීඩනය අවම වී රෝගියා කම්පන තත්ත්වයකට පත් වූ විටකදී රුධිර වහනයක් සිදුවිම නිසාද අක්මාවට හානි සිදුවීමට පුළුවන.
ඉහත සඳහන් හේතුන්ට අමතරව අක්මාවට හානිවන තවත් විශේෂ හේතුවක් වනුයේ අක්මාවේ මේදය තැන්පත් වීමයි. Fatty Liver තත්ත්වය පසුකාලීනව සිරෝසීස් දක්වා වර්ධනය වී අක්මාව අකර්මණ්‍ය වන තත්ත්වයකට පත් වේ. එබැවින් Fatty Liver තත්ත්වය පිළිබඳ මනා වටහා ගැනීමක් ඔබ සතුව තිබිය යුතුය. විශේෂයෙන් ඔබ ස්ථුල පුද්ගලයකු නම් Fatty Liver ඇති වීමේ ප්‍රවණතාවයක් පවතී.
සිරෝසීස්:-
එවකට සිරෝසීස් රෝගය ඇති වූයේ පුරුෂ පක්ෂයට පමණි. හේතුව අධික ලෙස මධ්‍යසාරය පානය කිරීම හේතුවෙනි. නමුත් වර්තමානයේ කාන්තාවන්ට ද මෙම සිරෝසීස් තත්ත්වය උද්ගත වී ඇත. එයට හේතුව මධ්‍යසාරවලින් තොර වූ Non Alcholic සිරෝසීස් තත්ත්වය ඇති වීමයි. වර්තමානයේදී අක්මාවේ තෙල් තැන්පත් වී ඇති Fatty Liverතත්ත්වයේ රෝගීන් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතී. විශේෂයෙන් ස්ථුල කාන්තාවන් මේ තත්ත්වයට ගොදුරු වී සිටින බව වෛද්‍ය මතයයි.
අක්මාවේ මේදය:-
එයට මූලික හේතුව වන්නේ අප ගන්නා ආහාරවල ඇති කාබෝහයිඩ්‍රේට්, මේදය, සීනි ආදිය පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීමෙන් අනතුරුව අතිරික්ත මේදය අක්මාවේ තැන්පත් වීමයි. තමා ගන්නා ආහාර ප්‍රමාණයට සමගාමීව කය වෙහෙසා වැඩ කිරීම, දිනපතා ව්‍යායාම් කිරීම ආදිය නිසා එම අතිරික්ත මේද ප්‍රමාණය දහනය වන නමුත් විශාල ප්‍රමාණයෙන් ආහාර භුක්ති වීදීම, මේදය, සීනි, කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩිපුර පරිභෝජනය කිරීම නිසා අක්මාවේ තැන්පත් වන අතිරික්ත මේද ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගනී.
NASH (Nonalcoholic Steato hepatitis):-
මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වන අක්මාවේ මේද තැන්පත් වීම දිගුකලක් පැවතීම නිසා NASH (Non Alcoholic Steato Hepatitis) තත්ත්වයට පත් වේ. එයද දිගුකලක් පැවතීමෙන් සිරෝසීස් තත්ත්වය දක්වා ගොස් අක්මාව අකර්මණ්‍ය වීමට බෙහෙවින් ඉඩ ඇත.
සාමාන්‍යයෙන් Fatty Liver තත්ත්වය සිටින රෝගීන්ට Metabolic Syndrom තත්ත්වය අනිවාර්යෙන්ම උදා වීමට තිබෙන ඉඩකඩ බොහෝය. මොටොබොලික් සින්ඩ්‍රොම් ලෙස හඳුන්වන්නේ, අධි රුධිර පීඩනය, රුධිරයේ අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, ස්ථුලතාවය සහFatty Liver වල සංයුතියක්ය. ඉන්සියුලින් හෝර්මෝනය නිසි ආකාරව ක්‍රියා නොකිරීම මෙයට හේතුවක් වේ.
එබැවින් මෙම රෝගවලින් එක් හෝ රෝගයකට හිමිකම් කියන රෝගියකු වේ නම් ඔහුට හෝ ඇයට අනෙක් රෝග හතර වැළඳීමේ හැකියාව උපරිමයෙන් පවතී. මෙම රෝග 5 එකිනෙකට නෑකම් කියන බැවින් එක් රෝගයකින් පෙළෙන්නේ නම් අනිකුත් රෝග පිළිබඳ දැඩි අවධානයෙන් යුක්තව එම රෝග වළක්වා ගැනීමට කටයුතු කළ යුතු වීම වැදගත් වේ.
Fatty Liver පරීක්ෂාව:-
Fatty Liver යනු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන තත්ත්වයකි. මෙම රෝගයේ තිබෙන භයානක කමද එයයි. එබැවින් වඩා ස්ථුල මෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල් සහිත අය Fatty Liver ඇත්දැයි පරීක්ෂා කර ගැනීම කළ යුතුය. ඒ සඳහා උදරයේ Ultra Sound Scan පරීක්ෂණයක් වෛද්‍යවරයා විසින් ඔබට නියම කරනු ඇත.
Fatty Liver යනු මුල් අවදියේම පාලනය කරගත හැකි රෝගී තත්ත්වයකි. තමාගේ ආහාර රටාව සහ ජීවන රටාවේ පැහැදිලි වෙනසක් ඇති කර ගැනීමෙන් මේ තත්ත්වය මඟ හරවා ගත හැක. Fatty Liver තත්ත්වයට ඖෂධ ප්‍රතිකාර නොමැති නමුත් දිනපතා මිනිත්තු 30 ක අවම වශයෙන් ව්‍යායාමේ නිරත වීම අධික කැලරි සහිත ආහාර පරිභෝජනය අවම කිරීම (තෙල්, පිටි, සීනි) තමන් විසින්ම ස්වයං පාලනය කිරීම හොඳම ප්‍රතිකාරයයි. ඒ සමඟම විටමින් E භාවිතය ද වෛද්‍යවරුන් විසින් නියම කරණු ඇත.
ආහාර පාලනය සහ ව්‍යායාමය:-
නමුත් ව්‍යායාම්වල නිරත නොවී, ආහාර පාලනය නොකර විටමින් E පමණක් ලබා ගත්ත ද රෝගය වළක්වාගත නොහැක. ඉහත සඳහන් කරුණු පිළිපැදීමෙන් මුල් අදියරේදීම රෝගය වළක්වා ගත හැකි නමුදු N ASH තත්ත්වයට පත් වූ පසු ක්‍රමයෙන් සිරෝසීස් තත්ත්වයට පත් වී ඔබේ අක්මාව අකර්මණ්‍ය වුවහොත් ජිවිතයට පවා සමු දෙන්නට සිදු වනු ඇත. ඇතැම් සිරෝසීස් රෝගීන්ට අක්මාවේ පිළිකා පවා ඇති වීමේ ඉඩකඩ පවතී.
දීප්ති ෆොන්සේකා,