lan englan tam

'මධ්‍යපානෙ බීමෙ ජොලිය' ගීතය කණපිට ගසන සැබෑ කතාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙය හුදෙක් ගීතය ගැන සිදු කළ විවේචනයක් නොව වෛද්‍යවරයකුගේ අත්දැකීම් ඇසුරෙන් කළ සෞඛ්‍යය පිළිබඳව කළ විවරණයකි. ලාංකික කලා ලොව මෙවැනි නිර්මාණ බොහෝ බිහි වී තිබෙන අතර ඒවායේ රස වින්දන අරමුණුත් මෙම සටහනත් ගීතයත් පළ කිරීමෙන් විවේචනය කිරීම අපි අපේක්ෂා නොකරමු.

" ඔය මද්යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේ....!!! "
මට ඔය සින්දුව ඇහෙනකොට හැමදාම මතක්වෙන හිත පාරන සිද්ධියක් සිහියට එනවා... මේ සින්දුවට අදාලව මිනිස්සු/ගැහැණු උදවිය පෝස්ට් ශෙයා කරනකොට හැමදාම මම මේ ගැන ලියන්නම් කියලා හිතනවා.....ඒත් ඔන්න අද තමයි ලියන්න ගත්තෙ. වෙනදා වගේම එපාම කරපු දවසක්.....Neurosurgery ETU ඔන්කෝල් කියන්නෙ ලෝකෙ කොහෙත් එකයි මට හිතෙන්නෙ. ලංකාවෙ, සිංගප්පූරුවේ කියලා නෑ.....එකම දිවිල්ලක්. ඉතින් උදේ ඉඳලම නුවර මහ රෝහලේ එහෙ මෙහෙ පිම්මේ දුවලා හැන්දෑවෙ ETU එකේ ඉන්නකොටම තව ට්රොලියක් තල්ලු කරන් එනවා, ට්රාන්සර් එකක්....තෙල්දෙණියෙන්ද මන්දා, මතක නැහැ....
එනකොටත් සිහිය හොඳටම අඩුයි. ETU එකේ අයිය කෙනෙක් මම දැකල "මල්ලි මේක ඔන්න ඔයාලට කේස් එකක්, ඉක්මනට CT එකක් කරගමු, තරුණ ළමයෙක් කීව. "
මමත් එහෙම්ම ඔළුව දැම්ම CT එකට යන්න කලින්ම ලෙඩා බලන්නම් කියලා.... මගේ ඇස් උඩ ගියා. බොහොම ලස්සන තරුණ දියණියක්...!!! මූණෙ මේකප් ගාලා.....නර්තනයට අඳිනවා වගේ හැඩ ඇඳුමක් පිටින්..... ළඟ ඉන්නවා ඒ වගේම ඇඳගත්ත තව දරුවෙක්. තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. විස්තරේ අහලා බලනකොට වෙඩින් එකක නර්තනය කරන්න ගිහින්....එහෙම ගෲප් එකක ළමයෙක්. හිස්ට්රි එක පැහැදිලි මදි......යාළුවා බයවෙලා....මටත් සැකයක් ආව නිසා හාර අවුස්සලා අහල බැලුවා....
කලින් දවසෙ වෙඩින් එක ඉවර වෙලා මේ අය හෝටලේම ඉඳලා.....තව කොල්ලො දෙන්නෙකුත් එක්ක. රෑ බීලා....මේ ගෑනු දරුවොත් !!! ඉතින් මම අරව මේව ඕපාදූප නෙවෙයි....වෛද්යවරයෙක් විදියට මට ඕනි ටික ඇහුවා. රෑ 11ට විතර අර දරුවා අත් වැටත් තියෙන උඩ තට්ටුවෙන් බිමට වැටිලා.....අනෙක් ළමයත් දන්නෑ කොහොමද වුණේ කියලා. (සිහියක් තියෙන්න නැතුව ඇතිනෙ). වැටුණද, පැන්නද, තල්ලු කලාද මොකුත් දන්නෙ නෑ..... ඊට පස්සෙ ඔළුවෙ කැක්කුමයි කියල නිදිමත ගතියෙන් ඉඳලා, වමනෙ කරලත් තියෙනවා..... ඉතින් මම ඇහුවා ඇයි ඒ වෙලාවෙ ඉස්පිරිතාලෙට නොගියෙ කියලා....උත්තර නෑ...."කෝ ඒ කොල්ලො දෙන්නා....?" මම නිකමට වගේ ඇහුවා....බලනකොට උන් දෙන්න හිමීට මාරුවෙලා ගිහින්....😬
ඉතින් ලෙඩ්ඩු දැකල දැකලම අපිට තේරෙනවා ලෙඩා බලද්දිම කොහොමද තත්වෙ කියලා.....සිහියක්නම් තිබුණෙම නැති තරම්, ඇසේ කණිනිකාවේ ප්රතිචාරයක් ඇත්තෙම නෑ...... ඔයින් මෙයින් කොහොමහරි ඔළුවෙ CT ස්කෑන් එක කළා. ඒකෙ තිබුණෙත් ඔය දකුණු පැත්තෙ පින්තූරෙ වගේ තමා.....මොළේ දකුණු පස විශාල ලේ කැටියක්. මොළේ ඇතුළත පීඩනය හොඳටම වැඩී.
මම අපේ සර්ට කතා කරලා විස්තරේ කීවා. කොහොමටත් විස්තරේ කියනකොටමත් අපි දෙන්නාටම තිබුණේ එකම අදහස.....සමහර දේවල් තියෙනවා වෛද්ය විද්යාත්මක සීමාවෙන් එහා ගිය දේවල්....ඒත් තරුණ ජීවිතයක් නිසා අපි පුළුවන් ඉක්මනින් ඔපරේෂන් එක කරලා ලේ කැටිය ඉවත් කරන්න කටයුතු කරලා ICU එකට දැම්මා.....ඒත්...අපි හිතුවා වගේම ඒ දරුවා තව දින කිහිපයක් යනකල් තමා ජීවත් වුණේ.....😭
මට කියන්න අමතක වුණා. ETU එකේ ඉන්න අතරෙ අර දරුවගෙ අම්මා ආවා....අම්ම කියන දේ අහන්නෙම නැල්ලු. යාළුවො එක්ක යනවලු ගෙදරත් නෑවිත්..... ගහල බැනලත් තියෙනවාලු....ඒත් අහල නෑ....ඉතින් ඔන්න අවසානයේ නැතිවෙච්ච තැන. ජීවිතෙන්ම වන්දි ගෙව්වා....සමහර කරුම වළක්වන්න බෑනෙ මිනිස්සු බුද්ධිමත් නොවුණොත්.
ඉතින් මට ඔය මෝඩ සින්දුව ඇහෙන හැම වෙලාවෙම මතක් වෙන්නෙ අර දරුවා....ඕනෙ තරම් බීලා ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච මිනිස්සු දැකලා තියෙනවා. ඒත් සිහියට එන්නෙම ඔය සිද්ධිය. මට හිතෙන්නෙ 70-80 දශක වල මධ්යසාර අපේ කාන්තාවන්ට පුරුදු කරන්න කරපු උපක්රමයක ප්රතිඵලයක් තමා ඔය සින්දුවත්....😡
ඉතින් මම කියන්නේ ගැහැණියක්වත්, පිරිමියෙක්වත් කිසිම දවසක එක මොහොතකටවත් පාවිච්චි නොකළ යුතු දෙයක් කියලා මම සලකන දෙයක් තමා මධ්යසාර භාවිතය....මිනිස්සු මෙලොවත් පරලොවත් දෙලොවම පිරිහෙන පරාභව මුඛයක්. ඉතින් ඒ පරාභව මුඛයට අසු නොවී සිටීමට අපේ සියළුම කාන්තාවන්ට නැණස වීර්යය පහළ වේවා.....එසේ අසු නොවී ජීවිතය නියමාකාරයෙන් විඳින්නට හැකි බව පෙන්වා දෙන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා....🙏👌
 
 සංඛ පද්ම අගලවත්ත.
 
1948 කපටි අරක්ශකයා චිත්‍රපටය 

 

Kochchi 2022

 

Back to top
Go to bottom

Popular News