lan englan tam

“ධර්මයුද්ධය 2” හැදුණ හැටි මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2017 වසරේ තිරගත වූ "ධර්ම යුද්ධය" චිත්‍රපටයේ දෙවන දිගහැරුම වන “ධර්මයුද්ධය - 2” චිත්‍රපටය දැන් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.

මීට පෙර ධර්මයුද්ධය පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජැක්සන් ඇන්තනී නිරූපණය කළ ‘හරිශ්චන්ද්‍ර’ ගේ චරිතය මෙම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසිනුයි.

මීට රංගනයෙන් බිමල් ජයකොඩි සමගින් දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුමි වින්සදී, කුසුම් රේණු,  ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර , ආනන්ද අතුකෝරාල, අශාන් ඩයස්,  දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, මව්ලි ෆර්ඩිනැන්ඩු, නලින් ලුසේනා, කලන ගුණසේකර, බුද්ධදාස විතානාරච්චි,  මැල්කම්  මචාඩෝ, කසුනි කාවින්ද්‍යා,  හර්ෂිකා රත්නායක,  තිලක්ෂණී රත්නායක,  ආරියසේන ගමගේ, ඉරේෂ් ලක්මාල්,  නිරුක්ෂාන් ඒකනායක, ජයරත්න ගලගෙදර ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් දායක විය.

මහරාජා මාධ්‍යජාලයේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වන "ධර්ම යුද්ධය -2" චිත්‍රපටය අරුණ ජයවර්ධන ගේ අධ්‍යක්ෂණයක් වන අතර, 

අනුවර්තනීය තිර රචනයෙන් සහ නිර්මාණ සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකු හේවා, විධායක නිෂ්පාදනයෙන් යසරත් කමල්සිරි, රේඛීය නිෂ්පාදනයෙන් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක,  කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ෂාන් අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් රන්ජන් ප්‍රසන්න,  නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් ප්‍රියංක රත්නායක, පසුබිම් සංගීතයෙන් කේෂාන් පෙරේරා, ගී පද රචනයෙන් අංජලී බුදවත්ත ජයවර්ධන සහ වසන්ත දුක්ගන්නාරාළ, තේමා ගී තනු නිර්මාණයෙන් රවිහාන්ස් වැටකේපොත, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි,  රශ්මිත අභිෂේක විජේරත්න සමගින් ඉෂාක්  තිමති සිල්වා, ඇඳුම් නිර්මාණයෙන් නිවර්තනා මාන්නගේ, විශේෂ ප්‍රයෝග සජීවීකරණයෙන් කසුන් චන්ද්‍රනාත් පතිරණ, නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි, කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් සන්තුස් නිමේෂ සහ ආලෝකකරණයෙන් අරියරත්න පෙරේරා එක් විය.

 

මතු දැක්වෙන්නේ චිත්‍රපටයේ රූගත කිරීම් පැවති කාල සීමාවේ චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්.

(ඡායාරූප මත CLICK කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැකියි)

View the embedded image gallery online at:
https://mirrorarts.lk/life/location/12273-2#sigProId41b981a832

kemadasa

shungara

Back to top
Go to bottom