"සීරුවෙන්, හුස්ම, 64 මායම්..." වැනි සිනමා නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සුදේශ් වසන්ත පීරිස්ගේ නවතම සිනමා නිර්මාණය "රතී" චිත්‍රපටයේ රූගත කිරීම් මේ දින වල සිදුවනවා.
ඩිස්නි රාජපක්ෂ සහ චමීර ලියනගේ ප්‍රධාන චරිත වලින් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටයට,
චාන්දනි සෙනෙව්රත්න, කසුනි කාවින්ද්‍යා, ප්‍රියංකා සමරවික්‍රම, ශ්‍යාම් ප්‍රනාන්දු, ගීතා කාන්ති ජයකොඩි, කුමාර තිරමාදුර, මධුෂාන් නානයක්කාර, නිමල් ජයසිංහ, උපතිස්ස බාලසුරිය, ඩයනා ගමගේ, අයේෂා මධුෂානි, මහින්ද ඉහලගම, ඉෂාන් මෙන්ඩිස්.. ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ තිර පිටපත සරත් ධර්මසිරි විසින් රචිත අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශ්‍රීමාල් සොයිසා සහ සුරංග අමරසූරිය විසින්.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන්- ගාම්ණි මොරගොල්ලාගම, සහාය අධ්‍යක්ෂණයෙන්- ව්මල් දේශප්‍රිය, ඇදුම් නිර්මාණයෙන්- ප්‍රියාන් ශ්‍රී, නිෂ්පාදන සැලසුම් අධ්‍යක්ෂණයෙන් සරත් සමරවික්‍රම, කලා අධ්‍යක්ෂණයෙන් - චන්දන ප්‍රියංකර, සංගීතය - කේශාන් පෙරේරා, වේශ නිරූපණය -රොඩ්නි වැන්ටුවෙස්ට්, නිෂ්පාදන කළමණාකරණයෙන් මෙත්තානන්ද විතානගේ එක්වෙනවා.
පහතින් දැක්වෙන්නේ මේ දින වල රූගත කිරීම් සිදුවන "රතී" චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්>>>
(ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැක.)
https://mirrorarts.lk/life/location/12086-photos-2#sigProId46982152e6




