ගාල්ල දිස්ත්රික්කයේ තියෙන සුන්දර තෙත් වනාන්තරය කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයයි.
කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය හෝ ‘‘‘KDN’’’ යනු දකුණු ශ්රී ලංකාවේ වන සංකීර්ණයකි. 2004 දී යුනෙස්කෝව විසින් මෙම වන සංකීර්ණය ජෛවගෝල ආරක්ෂිතයක් ලෙසින් නම් කෙරැණා.
සිංහරාජය හැරුණු විට ශ්රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් විශාල වන සංරක්ෂිතය KDN සංකීර්ණය යයි.
මෙම වන ප්රදේශය දකුණු ආසියාවේ ශාකමය අතින් අතිශයින් සාරවත් වූ ප්රදේශ අතුරින් එකක් වන අතර වන සංකීර්ණය පිහිටා ඇත්තේ ගාල්ල නගරයට කිමී 35 ක් වයඹ දෙසටයි.
මෙම වැසි වනාන්තරය දකුණු ශ්රී ලංකාවේ ඉතා වැදගත් ගංගා දෙකක් වන ගිං සහ නිල්වලා ගංගා සඳහා ප්රධාන ජලපෝෂිත ප්රදේශයක්.
ශ්රී ලංකාවට ආවේණික බොහෝ ශාක සහ සත්ත්ව විශේෂයන්හට මෙම ජෛවගෝල ආරක්ෂිතය තුල රැකවරණය සැපයෙනවා.
කන්නෙලිය වනාන්තරෙය් නතර වෙන්නත් හැති පහසුකමක් තියනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නඩත්තුවන කැබින් කාමර 4කින් යුතුව නවාතැන්පලක් තියනවා. 12 දෙනෙකුට වුනත් එකවර නතරවෙන්න පුළුවන්.