මාතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ සිනමාශාලා හිමියෙකු පවසන්නට යෙදුණේ එම සිනමාශාලාවට අදායම ලබන එකම මාර්ගය සිනමා ශාලාවේ බොක්ස් ටිකට්පත් බවයි.
එය ලංකාවේ බොහෝ සිනමා ශාලාවල දක්නට ලැබෙන කාරනයකි. නමුත් මේ සිනමා ශාලාව මෙම අවුරුද්ද අවසානයේ වසා එතන කර්මාන්ත ශාලාවක් දැමීමට ඔහු සිතා සිටී..එසේම කලකට ඉහත තවත් සිනමා ශාලා හිමියෙකු සිරබාරයට ගන්නෙ එම සිනමා ශාලාවේ බොක්ස් ටිකට් නිතරම අලෙවි කර දර්ශන නොමැති අවස්ථා වලදි පෙම්වතුන් සදහා රූම් වෙනුවටය..වරද කොතනද..සිනමාශාලා හිමියන් එක් දර්ශනය වාරයකදි රු.3000ක් හෝ ඊට වැඩි ගනනක් සංස්ථාවට ගෙවිය යුතුය.ඉතින් සිනමා ශාලා හිමියන්ගෙ මුවට සිනාවක් එන්නේ පෙම්වතුන් යුවලක් එන විටය.ඔවුන් රු.800 ටිකට් එකෙන් ඔවුන්ගේ ලෝකතුල සිටි.
චිත්‍රපටය කුමක්දැයි අදාල නොවේ. සිනමා ශාලා හිමියන්ට අදායම හොදය. ඕනෑම දර්ශන වාරයකදි බොක්ස් ෆුල්ය. ODC,බැල්කනි,වල මකුළුවන් හා චිත්‍රපටය බලන්නම ඕනෑ අතලොස්සකි.ඉතින් සිනමා ශාලා රදාපවතින්නේ බොක්ස් මතය,ආදායම රදාපවතින්නේ බොක්ස් මතය. මෙවැනි තත්ත්වයක් මත සිනමාවේ අනාගතය බොහෝවිට පෙනේ.
ලංකාවේ 150ක් වත් නොමැති සිනමා ශාලා වල මෙවැනි තත්ත්වයක් පෙන්වීම අතිශය කනගාටුදායකය,වරද සිනමා ශාලා හිමියන්ගෙවත්,පෙම්වතුනගෙවත් නොව. අප සිනමාවේ වරදක් තිබෙන බව බොහෝ ප්‍රවීනයන්ගේ අදහසයි.
එසේ තිබෙන බව කියමින් බෝලේ පාස් කරමින් සිටි.හදන්න ඕන තැන කොතනද,කවුරුත් කයිවාරු ගසමින් සිටි..එසේම ලංකාවේ මිනිසුන්ගෙ රසවින්දනය වැඩි වෙද්දී එයින් අවාසිය වන්නේ රජයටය.සාහිත්‍ය කන්නට දැයි අැසුවන් රජකරන රටක,කවර කතාද,,ලංකාවේ සිනමාවට සිනමා සංරක්ෂනාගාරයක් ඕන යුගයක එය කලාකරුවන් ඉල්ලූ විට ඔවුන්ට එක් ඇමතිවරයෙක් පවසා සිටියේ ඕවා තියා ගන්න තැනක් නොමැති නම් පුච්චා දමන ලෙසයි. ඉතින් මහ තැනෙන් මෙය වෙනස් වන බවක් කවර කලවත් දැක නැත. මෙයට පිලිතුරක් විශ්වවිද්‍යාලයෙන්ම,විද්යර්තීන්ගෙන්ම ලැබිය යුතුය......එය මෙතනින් තරමක් වත් වෙනස් කිරීමට හැකි වෙතයි විශ්වාස කරමි.
ඔෂාන් යාප අමරසේකර