"ආදරයට මුහුණ දීලා ආදරය කේන්ද්‍ර කර ගෙන ජීවත් වෙන්න පුලුවන් කෙනා ආගමික පුද්ගලයායි.
ආදරය කේන්ද්‍ර කර ගත් පුද්ගලයා කියන්නේ අනාගතයට භය නැති කෙනායි. ප්‍රතිඵල සහ විපාකවලට බය නැති කෙනායි. මේ මොහොතේ වර්තමානයේ ජීවත් වන කෙනායි.
විපාක ගැන හිත කරදර කර ගන්න එපා. එහෙම හිත කරදර කර ගන්නෙ බය ට මුහුණ ලා සිටින බය කේන්ද්‍ර කර ගත් මනසයි.
බයට මුහුණ ලා බය කේන්ද්‍ර කර ගෙන ජීවත් වන මිනිසා හැම වෙලාවෙම ගණන් මිණුම් බලනවා. සැලසුම් කරනවා. පිළිවෙළකට ලෑස්ති වෙන්න හදනවා. කලින්ම ආරක්ෂා වෙනවා. මේ විදියට එයා එයාගෙ මුලු ජීවිතයම දිනෙන් දින අහිමි කර ගන්නවා..."
- ඕෂෝ -