1941 මැයි මස 2 වෙනිදා FCC හෙවත් එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම මගින් අනුමත කරන ලදුව 1941 ජුනි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි National Telivision Sysytem Committee (NTSC) යටතේ තත්පරයකට රාමු 30 කට අදාලව රුපවාහිනී දැන්වීම් පළකිරීම සදහා නාලිකා 10 කට අවසර දුන්නා.ඒ සතියකට පැය 15ක ධාවන කාලයක් වෙනුවෙනුයි.
NBC ටෙලිවිෂන් නාලිකාවට අනුබද්ධ WNBT (නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් නාලිකාවකි) නාලිකාව ලොව ප්‍රථම වෙළද දැන්වීම ප්‍රචාරය කරනු ලැබුවා.
ලොව ප්‍රථම රුපවාහිනී වෙළද දැන්වීම BULOVA අත් ඔරලෝසු සමාගම විසින් නිර්මාණය කර තිබුනා.
මෙය ප්‍රචාරණය වුයේ 1941 ජුනි 1 වෙනිදා සවස 2.29 ටයි .ඒ Brooklyn Dodgers හා the Philadelphia Phillies කණ්ඩායම් දෙක අතර පැවති බේස් බෝල් තරගයට පෙරයි.මෙහි ධාවන කාලය තත්පර 10 කි.''America Runs on Bulova Time" යනුවෙන් මෙහි ප්‍රකාශ වෙනවා.
මෙය ඒ වනවිටත් ඇමරිකානු ජනතාව පුවත්පත් මගින් දැක තිබු ගුවන් විදුලියෙන් අසා තිබු තේමා පාඨයක් හෙවත් Tagline එකක් ඇසුරින් නිර්මාණය කර තිබුනා.
නමුත් මෙම වෙළද දැන්වීම ප්‍රසිද්ධ නොවූ වෙළද දැන්වීමක් ලෙසයි සලකනු ලබන්නේ.මෙම වෙලා දැන්වීම එක් වරක් ප්‍රචාරණය වෙනුවෙන් $9ක් වැයවී තිබෙනවා.ඉන් $4 ගුවන් කාලය වෙනුවෙන් ගෙවා ඇති අතර $5 මුදල රුපවාහිනි ආයතනය වෙනුවෙන් ගෙවා තිබෙනවා .
මෙම සමයේ නිව්යෝක් නුවර තිබුණු බවට සැලකෙන්නේ රුපවාහිනි 4000 පමණයි. කලින් කියූ පරිදි මෙය ප්‍රථම නිත්‍යානුකූල වෙළද දැන්වීම වුවත් මෙම දැන්වීමට වසර දෙකකට පමණ පෙර NBC ආයතනය විසින් රුපවාහිනි වෙළද දැන්වීම් 3ක් අත්හදාබැලීම් ලෙස ප්‍රචාරණය කර තිබෙනවා. Procter & Gamble, Socony Oil (now Mobil) සහ General Mills යන ආයතන තුනට අදාලව කර ඇති එම දැන්වීම්ද ප්‍රචාරය වී ඇත්තේ Philadelphia Phillies කණ්ඩායම අතර පැවති බේස් බෝල් තරගයට පෙරයි.
_ඉරෝෂන් ප්‍රනාන්දු_
(සිතුම්)