lan englan tam

"මේ පාර ආදරවන්තයින්ගේ දවස සමරන්න කොළඹ පුරාවට සංගීත සංදර්ශන" - අශෝක හඳගම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ පාර ආදරවන්තයින්ගේ දවස සමරන්න කොළඹ පුරාවට සංගීත සංදර්ශන.

ඒවා එසේ මෙසේ ඒවා නෙවෙයි. දැවැන්ත සංගීත ප්‍රසංග. ඒවා පැවැත්වෙන්නේ විශාල සංදර්ශන පරිශ්‍රයන් තුළ. සන්නස්ගලගේ නිර්වාණ පැවැත්වෙන්නෙත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ. රූකාන්ත, කසුන්, චිත්‍රාල් ඇතුළු කණ්ඩායම ගෙනෙන 'HUNGER' ප්‍රසංගය නෙළුම් පොකුණ පරිශ්‍රයේ එළිමහනේ. තව එක එක රූපවාහිනී, ගුවන් විදුලි චැනල් වලිනුත් විවිධ මාදිලියේ සංගීත වැඩ වැඩසටහන් කෙරෙනවා.

ලංකාවෙ pop සංගීතය අලුතෙන් උපද්දවපු එයට අලුත් වර්ණයක්, අලුත් හැඩයක් එකතු කරපු අපේ පරම්පරාවේ ගායකයා තමයි රූකාන්ත.

 

628792197 3511449815663334 8886461632753397378 n

 

මට මතකයි මං postgraduate කරන්ඩ එංගලන්තේ යනකොට එහෙදි අහන්න කියලා සිංදු එකතුවක් cassette එකකට දාගෙන ගියා. එහේ ගිය අලුතම අඳුරගන්න හම්බ වුනා ග්‍රීක ජාතික තරුණයෙක්. මිනිහා සංගීතයට හරිම ආසයි. මිනිහා මට කිව්වා උඹලගෙ රටේ සින්දුවක් මටත් දීපන් අහන්න කියලා. ග්‍රීසිය කියන්නේ දියුණු සංගීත සම්ප්‍රදායක් තියෙන රටක්. මිනිහා මට අහන්න දීපු සින්දු අහලා මං කොර වෙලා හිටියේ.

මාත් ඇරියේ නෑ. අර මං ගෙනිච්ච සිංදු අතරේ තිබ්බා, රූකාන්තගේ ‘මේ දිගන්තයේ’ සින්දුව. මං මිනිහට එයාගේ walkman set එකේ දාගෙන අහන්න දුන්න. ඌ පිස්සු හැදිලා හිටියේ ඒක අහල. ඌ කිසි දවසක බලාපොරොත්තු වුණේ නෑ ඒ වගේ එකක්. ඒකෙ මියුසික්, ගායන විලාශය, පරාසය මිනිහ විශ්මයට පත්කරා.

රූකාන්තගේ ආගමනයෙන් පස්සේ ප්‍රසංග වේදිකාව පණ තියෙන (Live ) එකක් බවට පත්වුණා

 

WhatsApp Image 2026 02 06 at 11.11.02 AM

 

රූකාන්ත සමග කසුන්, චිත්‍රාල්, නදීක, ඉන්ද්‍රජාපා, උමාරියා, කුෂානි එක්වන 'HUNGER Concert' එකත් ලස්සනට තියේවි.

 

 

image w856 1

සටහන - ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක අශෝක හඳගම

(මෙම සටහන 'Asoka Handagama' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

kemadasa

shungara

Back to top
Go to bottom