lan englan tam

‘මේක මුළු ලංකාවටම අලුත් අත්දැකීමක්: The Hunger Concert’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Dishan Kevitiyagala-

කසුන් කියන්නේ ලංකාවේ සංගීතයේ යුගයක්. රූකාන්ත කියන්නේ ලංකාවේ සංගීතයේ තවත් එක හැරවුම් ලක්ෂයක්. රූකාන්තයන් ලංකාවේ නැතුව වෙන රටක ඉපදුනානම්, ඔහු අනිවාර්යයෙන්ම මයිකල් ජැක්සන් වැනි කලාකරුවන් පවා අභිබවා යන නිර්මාණ වලින් ලෝකය දිනාගන්න තිබුණා

හැබැයි මම අද කියන්නේ මේ ආශ්චර්යමත් musicians දෙන්නා ගැනම නෙවෙයි. මම අද කියන්නේ මොවුන් දෙදෙනා සමග එන අලුත්ම Musical experience එක ගැන.

 

WhatsApp Image 2026 02 08 at 2.11.57 PM

 

ලංකාවේ එලිමහන් සංගීතයට දිගු කාලයක් තිස්සේ තිබුණේ මහා හිස්කමක්.

මම ජාත්‍යන්තර concert එකක් කියලා බලලා තියෙන්නේ මේ ලඟදි Alfa Blondy ආපු concert එක විතරයි.

ඒ මුළු show එක පුරාවටම තිබුණ energy , Vibe , Musical Expirence එකත් එක්ක, ඒ music genre එක ඇතුළත අපිව පිස්සු වැටෙන තත්ත්වයකට ගෙන යන්න ඔවුන්ට හැකි වුණා.

concert එක අත්විඳපු ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත්, ඔවුන් ඒ ගත්ත experience එක ගැන අපිට කියයි. ඒ සද්දේ අහද්දී තමයි මට හිතුනේ ලංකාවේ එලිමහන් සංගීතයේ අග්‍රගාමී දක්ෂයන් ඉන්නකොට, ඇයි මේ වගේ වැඩ අපිට කරන්න බැරි කියලා.

මොකද සංගීතය කියන්නේ මනුස්සයෙකුට තමන් හිටි තැන් අමතක කරලා දාන්න පුළුවන් බෙහෙතක් වගේ දෙයක්.සංගීතය තමයි මිනිස්සු අලුත් ඉසව්වලට අරගෙන යන්නේ.නව මානයන් ඔස්සේ මිනිස්සුන්ව මුසපත් කරන්නේ.

මම හිතන්නේ අවුරුදු ගානක් සංගීත පිපාසෙන් ඉඳපු මිනිස්සුන්ට,

හොඳ සද්දයක් වගේම හොඳ experience එකක් ගන්න පුළුවන් space එකක් දැන් හැදෙනවා කියලා.

කලින් එවැනි දේවල් හැදුනේ නෑ කියලා මම කියන්නේ නෑ.

වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය, චරිතගේ කුවේණි, කසුන්ලගේ 4U, මෙතුන්ලගේ නාද ගම, ධනිත්ගේ Alokawarsha දක්වා,

අපේ මිනිස්සු එකතු වෙලා කරපු වැඩ අද්විතීයයි.

ඒ අද්විතීය අත්දැකීම් තවත් ඔපමට්ටම් කරන්න ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට 40 pieces orchestra එකක් එක්ක,ලංකාවේ leading artistsලා 7 දෙනෙක් සමග,මෙම Hunger Team එක ගන්න challenge එක අතිමහත්.

 

WhatsApp Image 2026 02 06 at 11.11.02 AM

 

අති විශාල මුදලක් වැය කරලා,ලංකාවේ එලිමහන් සංගීතය නව මානයකට අරගෙන යන්න කරන මේ කැපවීම අතිශය ගෞරවයට ලක්විය යුතුයි.

ඉතින් මේ experience එක,ලංකාවේ කවදාහරි දවසක අලුත් පිටු අතරේ ලියවෙයි. ඒ පිටු කියවෙන දවසට, අපේ පරම්පරාවට හරි ආඩම්බරයෙන් කියන්න පුළුවන් වෙයි “මේ concert එක අපිත් experience කළා” කියලා.

මේක මුළු ලංකාවටම අලුත් අත්දැකීමක්.

ඒ අත්දැකීම දිගේ අපි ඉදිරියට යමු.

මම කැට තියාගෙන කියන්නේ musically experience කරන්න කැමති මිනිස්සුන්ට හැදෙන හොඳම space එක,එදා නෙළුම් පොකුණ outdoor arena එක පුරාවටම හැදෙනවා කියලා.

මෙච්චර කාලයක් සංගීත පිපාසෙන් හිටපු අපේ මිනිස්සු ටිකට,

එකට කෑ ගහලා කියන්න පුළුවන් දවසක් එන්නේ

පෙබරවාරි 14 – The Hunger Concert එකෙන් විතරමයි.

 

සටහන -  ඩිශාන් කෙවිටියාගල

(මෙම සටහන 'Dishan Kevitiyagala' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom