lan englan tam

"පවත්නා පද්ධතියට අනුව හැඩගැසෙන්නට අසමත් වූවෝ ඉක්මනින් වඳවී ගියෝය" – Sovereign

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

"ජෙරී කේන්" යනු පවතින ඇමරිකානු සමාජ පද්ධතියට එරෙහිව අභියෝග කරන්නෙකි. ජෙරී විසින් තම දහසය හැවිරිදි පුත්‍රයා වන ජෝසෆ්ව පාසල් යවන්නේ නැත.

 

10cul sovereign review1 fcgt videoSixteenByNine3000

 

ඔහුට සමාජය, නීතිය පිළිබඳ පාඩම් ගෙදරදිම උගන්වයි. ජෙරී පවතින සමාජ පද්ධතියය සහ නීතියට යටත් වැසියෙක් ලෙස ජීවත්වන්නට සුදානම් නැත. රජයට බදු ගෙවන්නේ නැත. වාහනයක් පදවනන්නට ලයිසන් එකක් අවශ්‍යය නැති බව පවසා නිරතුරුවම ඔහු පොලිසිය සමඟ අඩදබර ඇති කර ගනියි. ජෙරී කේන් තරමක් අමුතු අදහස් ඇති මිනිසෙකු නිසා ඔහු පවතින පද්ධතියට එරෙහිව අභියෝග කරන්නෙකි.

 

Sovereign 1

 

ඇමරිකානු සිවිල් නීති පද්ධතිය ප්‍රතික්ෂේප කරමින් දිවි ගෙවන සමාජ කණ්ඩායමක් වූ "Sovereign Citizen Movement" නම් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන ජෙරී මුදල් උපයන්නේ මෙම සංවිධානය වෙත ඒකරාශි වෙන සාමාජිකයන්ගේ ගාස්තුවලිනි. කෙසේ වෙතත් අවසානයේ ජෙරී සහ තම පුත්‍රයාට සිදුවන බිහිසුණු ඉරණම දැක අප ප්‍රේක්ෂකයන් වශයෙන් විශාල කම්පනයට පත් වීමට සිදුවෙයි.

 

 

2010 වසරේ මැයි මස 20 වෙනිදා ඇමරිකාවේ සිදුවූ "West Memphis Police Shootings" නම් ඛේදනීය සිදුවීම අලළා මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ. අධ්‍යක්ෂවරයා වන්නේ Christian Swegalය. මේ ඔහුගේ කුළුදුල් චිත‍්‍රපටයයි. ප්‍රධාන චරිතය වන "ජෙරීගේ" චරිතය නිරූපණය කරන්නේ අතිදක්ෂ නළුවෙකු නික් ඔෆර්මන් විසිනි.

 

Soverign i re

 

සිනමාපටය ප්‍රසිද්ධ දේශපාලන පණිවිඩකරණයෙන් වැළකී සිටියි. සිදුවීමි මාලාව දෙස ප්‍රේක්ෂකාගාරයට සියුම්ව නිරීක්ෂණය කරන්නැයි යෝජනා කරයි. පුළුල් දේශපාලන සන්දර්භය පිළිබඳ සිනමා ගවේෂණයක් විදියට "Sovereign" 2025 වසරට අදාළව නැරඹු වෙනස්ම තේමාවක් සහිත සිනමාපටයකි.

 

476237625 2101514566935849 5297727973837240105 n

සටහන -  මලින්ත විතානගේ

(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

shungara

Back to top
Go to bottom