'Father' චිත්‍රපටියේ බිමල් ජයකොඩි කරන චරිතයේ තියන මෙන්න මේ කොටස ඇක්ටින් කියන කැටගරි එකේ සෑහෙන්නම අමාරු එකක් මගේ දැනුමේ හැටියට. ඒ තමයි Guiltless කියන හැසිරීම ඉදිරිපත් කරන එක....
අපි සාමාන්‍යයෙන් දන්න එක Guiltiness. හේතුව පොදුවේ ගත්තම මිනිස්සු කියන්නේ හැමවෙලාවෙම විශාල Guiltiness එකක් එක්ක ජීවත්වෙන අය නිසා. ඒ කියන්නේ තමන් ඇතුලේ තියන තමන් එකඟ දේවල කරන්නට බැරිවීමත්, තමන් නොඑකඟ දේවල් කරන්නට වීමත් නිසාම ඇතිවෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවෙන් බිහිවෙන Guiltiness එක. මේ සුලබ බව නිසාම චරිතයක් විදියට හෝ රංගනයක් විදියට Guiltiness ප්‍රතිනිර්මාණය කරන එක අපහසු නෑ...
නමුත් Guiltless එහෙමත් නැත්තං 'පසුතැවීමකින් තොරවීම' කියන්නේ එහෙම පහසු හැඟීමක් නෙවෙයි ඇතිකරගන්නත් ප්‍රතිනිර්මාණය කරන්නත්.... මොකද මිනිහා හැදිලා තියෙන්නෙම Guiltiness කියන බේස් එක උඩ. මිනිස් සමාජයේ සම්බන්දතා පවතින්නෙම Guiltiness උඩ...
එතකොට Guiltless ?
ඉතාම කලාතුරකින් මේ වගේ මිනිස්සු අපිට හම්බෙනවා. එයාලා 100% ක්ම Guiltless ද කියන්න නොදන්නවා උණත් සෑහෙන ප්‍රතිශතයකින් Guiltless. දේශපාලයනය ඇතුලේ මට හම්බුණ සමහර විශේෂ මිනිස්සු ඒ වගේ Guiltless ගති තිබුණ අය. ඉතාම නරක තත්වයන් සාධාරණීකරණය කිරීමේ හැකියාවකුත් 'ඔව් ඒක එහෙම තමයි ඉතිං මොකද..?' වර්ගයේ උත්තරයක් දෙන්න හැකියාවකුත් ඒ අයට තියනවා. හැබැයි මේක ඉතාම සීමිත වර්ගයක්. ඒ හිංදම මේ වගේ එකක් චරිතයක් විදියට ප්‍රතිනිර්මාණය වෙනවා අපි දකින්නේ හරිම අඩුවෙන්. එහෙම හැදුවත් Guiltless වගේ රඟපාන්න හැදුවට ඒක එළියට එන්නේ රංගන ශිල්පියාගේ ඇතුලේ තියන පොඩි Guilty එකකුත් එක්ක කියලා බැලූ බැල්මට පේනවා....
එතකොට ඕ.අයි.සී ධම්මිකට රඟපාන බිමල්...?

මම හිතන්නේ කාටවත් ලොකුවට නෝට් නොවෙන බිමල්ගේ සෑහෙන ඩීටේල් ඉදිරිපත් කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඌ පොඩ්ඩක්වත් Guilty නෑ. සාමාන්‍යයෙන් ඇක්ටර් කෙනෙක් යම් චරිතයක් කරනකොට ස්වාභාවික සමාජයේ එයාගේ තියන එකඟතා වලින් යම් යම් දේ ඒ චරිතයට එන එක නවත්තන එක සෑහෙන්න අමාරුයි. ඒ කියන්නේ හොඳ නරක ගැන තියන එයාගේ අදහස, සමාජ සිද්දීන් ගැන තියන එයාගේ කියවීම වගේ ඒවා 100% එයාගේ අතින් මැරෙන්නේ නෑ. ලංකාවේ චිත්‍රපටියක 'ස්ත්‍රී දූෂණයක්' තියන හුඟක් වෙලාවට අපිට ඒකේ තියන සාහසිකභාවය, ඒ ස්ත්‍රිය විඳින පීඩාව, ඒ බය වගේ ඒවා ෆීල් නොවෙන්නේ ඒකයි. හේතුව 'ස්ත්‍රී දූෂණය' කියන එකේ තියන සාහසිකභාවය වෙනුවට ඒක පරිස්සමෙන් කරන රංගන ශිල්පීන් තමයි අපිට අහුවෙන්නේ. එයාලට එතන බැරි එක තමයි මෙන්න මේ තමන්ව 'විතැන් කර' චරිතය එක්ක ඉන්න එක. හේතුව ස්ත්‍රී දූෂණය කියන තත්වය ගැන එයාගේ තියන ස්වාභාවික Guiltiness එක. මේක සෑහෙන්න හොඳට කරලා දැක්කේ හඳයගේ Alborada චිත්‍රපටයේ නෙරුදාගේ චරිතය රිතිකා නිරූපණය කරන කසල ශෝධක ස්ත්‍රිය දූෂණය කරන තැන. එතන සෑහෙන්නම සාහසික විදියට එයාලා නිරූපණය කරලා තිබ්බා...
ෆාදර් එකේ බිමල් කරන චරිතයේ Guiltless එකේ පීක් එක තමයි උසාවියේදී එයාගේ මාමා එක්ක හිනාවෙන තැන. අනෙක් සමස්තය ඇතුලේ තියන සමස්ත හැඟීමක් නැති නරුම හැසිරීම මිනිහා සම්පූර්ණ කරන්නේ එතනින්. තමන්ගේ ක්‍රියාව ගැන දශමයකවත් ගිල්ටියක් නැති මිනිහෙක් විදියට කුඩා හිනාවකින්.... ඒ හිනාව පට්ට. මට අනුව ඒක ඇක්ටින් වල Priceless හිනාවක්...

අධ්‍යක්ෂ චමින්දත්, රංගන ශිල්පි බිමල් ජයකොඩිත් කියන දෙන්නම තමන්ගේ කොටස හරියටම කරපු තැනක් මට අනුව මේ සීන් එක සහ මේ චරිත ගොඩනැංවීම....
චිත්‍රපටිය බලපු අය හෝ ඒ ගැන ලියපු අය මේ කොටස චට් කරලා තියනවා නොදැක්ක නිසා මේක දැම්මේ ඇක්ටින් ගැන උනන්දු අයට කියවන්න. නැත්තං මම දැන් හෙණ කම්මැලී මේවා ලියන්න....

සටහන - ලක්මාල් ධර්මරත්න
මෙම සටහන 'Laka Darmarathna' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.









