සුන්දරත්වයෙන් පිරිපුන්, දක්ෂ, කාගේත් අවධානය දිනා ගත් බොලිවුඩ් නිළි කත්රිනා කායිෆ්ගේ ජිවිතයේ එක් කාල පරිච්ඡේදයක දී ඇයට වඩාත්ම සමීප වූ සල්මන් කාන් පිළිබඳව, ඔහුගේ මිත්රත්වය පිළිබඳව කතා කළාය.
“අපි හැමෝම දන්නවා සල්මන්, මිනිසුන්ට උපකාර කිරීමට නොපසුබට ඉතාම කාරුණික හදවතක් ඇති පුද්ගලයෙක් කියලා . නමුත් ඔහු මාව සොයාගැනීමට ශක්තියක් වුණා, හැමවෙලේම නැගීසිටීමට උනන්දු කළා, මගේ මාර්ගය සොයා ගෙන මහන්සි වී වැඩ කරන හැටි කියලා දුන්නා,”
සල්මන් සම්බන්ධයෙන් ඇය අත්විඳි වඩාත් සුන්දරම සහ අසුන්දරම මොහොත පිළිබඳව විමසා සිටීමේදී ඇය මෙසේ පැවසුවා.
“බොලිවුඩයට පැමිණි මුල් කාලයේදී ඔහු මට ශක්තිමත් ආධාරකයක් වුණා. ඔහු මා කෙරෙහි ලොකු විශ්වාසයක් තැබුවා. අනුරාග් බාසු අධ්යක්ෂණය කළ සායා සිනමාපටයට ඒ දිනවල මා රංගන දායකත්වය ලබා දුන්නා. ජෝන් ඒබ්රහම් එහි ප්රධාන චරිතය සිදු කළා. මම හිටියේ සුළු චරිතයකට. එක් රාත්රි දර්ශනයක් මට සිදු කරන්නට තිබුණා. නිහඩ චරිතයක් . අවතාරයක් විදිහට තමයි මට රඟපාන්න තිබුණේ. එය ඉතාම දිගු දර්ශන වාරයක්. දින දෙකක රූගත කිරීම් වලින් පස්සේ චිත්රපටයෙන් මා ඉවත් කළ බව පැවසුවා. කාමරයෙන් එළියට යනකොට මම හොඳටම අඬන්න ගත්තා. ඒ දිනයේ මම සල්මන්ව මුණ ගැසුනා .මම අඬනකොට ඔහු හිනා වෙනවා. එතකොට මම හිතන්න ගන්නවා ඔහු මහා නපුරෙක් මගේ වෘතිය ජීවිතය මෙතනින් නිමයි. මගේ පළමු චිත්රපටයෙන් මම ඉවතට විසි වුණා මගේ ජිවිතයම ඉවරයි කියලා, ඒත් ඔහු හිනා වෙනවා. අවසානයේදී ඔහු මා සන්සුන් කලා.
ඉන් පසුව සල්මන් මට පැහැදිලි කළා” ඔයාට තේරෙන්නේ නැහැ ,මේවගේ දේවල් වෙනවා. මම දන්නවා ඔයා අවසානයේ කොතනද නවතින්නේ කියලා. ඔයාට දීර්ඝ ගමනක් යන්න තියනවා .දවසක ඔයාටම ඒක බලාගන්න පුළුවන්. අවධානය තියාගෙන මහන්සි වෙලා වැඩ කරන්න,”
කත්රිනා කායිෆ් සමඟ ජිතේෂ් පිල්ලායි සිදු කළ සාකච්චාවක් ආශ්රයෙනි.