එක් එක් මිනිසා තුල ඇති සහජ දක්ෂතා විවිධය. ඇතැම් අය ඒවා ඔප මට්ටම් කරගෙන, ඒතුලින් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්, ජනප්‍රිය පුද්ගලයන් මෙන්ම ධනවත් පුද්ගලයන් වන්නේය. ඒ සියල්ලම සිදුවනුයේ, එම දක්ෂතාවයන්ට ලැබෙන වටිනාකම අනුවය.
සමහර පුද්ගලයන්ට සහජ දක්ෂතා කිහිපයක්ම පිහිටුවයි. ඇතැම් අය ඒ සියල්ලෙන්ම ප්‍රයෝජන ගන්නා අතර,ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා අයද ඒ අතර නොසිටිනවා නොව.
කලාවේද බොහෝ තැන් විවෘතව ඇති අතර, තම දක්ෂතාවයන් උරගා බැලීමට එය තෝතැන්නක් කර ගත හැක. අැතැම් රංග ශිල්පීන් ,ගායකයන් වන්නටද, ගායකයන් නලුවන් වන්නට උත්සහා කරයි. මෙහි වරදක් නැත. මේ සියල්ලම අයිතිවන්නේ කලාවට නිසාය.නමුත් ඉස්මතු වන්නේ ඒ ඒ අංශවලට තමන්ගේ ඇති දක්ෂතාවය මතය.
ඔහු ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විය. ඔහු එහී අතී දක්ෂයෙක් විය. , ඔහු ගායකයෙකු විය. එතැනදීද ඔහු අතී දක්ෂයෙකු විය. ඔහු වේදිකා නාට්‍ය ශිල්පියෙක් විය, චිත්‍රපට නලුවෙක් විය, ටෙලි නාට්‍ය රංග ශිල්පියෙක් විය. ඒ සියල්ලේම ඔහු අතී දක්ෂයෙක් විය. ඔහු ගුවන් විදුලි, රූපවාහිනි හඩ කැවීම් ශිල්පියෙක් විය,එලෙසම ගුවන් විදුලි, රූපවාහිනි වෙලද දැන්වීම් රංග ශිල්පියෙක් විය. එතැනදීද ඔහු අතී දක්ෂයෙකු විය. ඒ සියල්ලටම වඩා ඔහු ගෞරවනීය මිනිසෙකු විය.
මා මේ සනිටහන් කරනුයේ වර්ෂ 1936 කුරුණෑගල ඉපදුනු, රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ,විජේරත්න බන්ඩා වරකාගොඩ ගැනය.
ගුවන් විදුලියේ මුවන් පැලැස්සේ, මුලින්ම ආරච්චි පසුව කෝරලෙ මහත්තයා, වූ ඔහු අදත් කෝරලේ මහත්තයාමය. ඒ වර්තාව නම් කිසිවකට බිදීමට නොහැක්කේය. එලෙසම, බර්ටි-සැමුවෙල්,-ඇනස්ලි -ධර්ම ශ්‍රි මුණසිංහ- ඇල්ප්‍රඩ් පෙරේරා, මර්සි එදිරිසිංහ සමග විනෝද සමයේ ද සිටියේය.
මේ අසාමාන්‍ය පුද්ගලයා නාට්‍ය ක්රෙෂ්තය ට ඇතුල් වූයේ සරත්චන්ද්‍රයන්, හා හෙන්රි ජයසේනයන් හරහාය.
විමල් නවගමුවගේ "අජාසත්ත" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පය තැබූ ඔහු "මනමේ" "සිංහබාහු", "කුවේනි" "හුණුවටයේ කථාවක්", "අපට පුතේ මගක් නැතේ", "මන රංජන වැඩ වර්ජන" වැනි ප්‍රබල නාට්‍ය වලට රංගනයෙන්, ගායනයෙන් දායක වුනි.
" හිරු පායනවා මල් පිපිදෙනවා, මැණිකේ හිනැහෙනවා" ගීතය ගයමින් ගායන දිවිය ආරම්භ කල ඔහු ඉන් පසු ජනප්‍රිය ගීත ගනනාවක් ගායනා කලේය "රගහල දැන් ඇත අඩ අදුරේ-අප දෙදෙනා පෙම් පිලිසදරේ" " යන්නම් දක්නාසේමා සිත්ගත්තාවු ප්‍රිය ලාලනි", " අන්ධකාරෙන් දුර අතීතේ" "කුරුළු පැටව් කිචිබිචි ගාන", "නාමල සේමයි පෙනුනේ" "අතර මං වෙලා මා", "මිණිමුතු නැහැ මට", "රෝස මල් පිපී නැතේ", "වන්දනාවෙ යමු", 'සදට සුපිපෙන කුසුම් වගේ" "මා මිය ගිය දින", "දත් වැටුනොත් දත් බදින්න" "මිහිරි සිහිනයක්", "සිහිලේ මල් නොතලා රොන් ගන්න" "සුර ලෝකෙත් පාලුයි","සුවදින් ඔපවී", "පමා වෙලා වැහැපන් වැහි වලාවේ" ඔහුගේ ගීත සාහිත්‍යයන් විය.
" ද ට්රෙශර්", "ද සෙකන්ඩ් ජංගල් බුක්", "මොවුග්ලි ඇන්ඩ් බාල්ලූ" යන ජාත්‍යන්තර චිත්‍රපටවල රගපෑ ඔහු, 'සුහද දිවි පිදුම" චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක්විය. "ආදරයයි කරුණාවයි" චිත්‍රපටයෙ ක්ලැරිස්ද සිල්වා සමගද, "මහ හේනේ රීරි යකා" චිත්‍රපටයේ මාලනී පොන්සේකා සමගද " අරුණට පෙර" චිත්‍රපටයේ චන්දි රසිකා සමගද, " සතියකට මට රට බාර දෙන්න" චිත්‍රපටයේද, ප්‍රධාන චරිත රගපෑ ඔහු " ගම් පෙරලිය", "සමාජයේ අපි ඔක්කොම සමානයි", "ලා දළු" "සීතල වතුර", "දෙලොවක් අතර" "පරසතු මල්", "හතර කේන්ද්‍රය", "ගොලු හදවත", "සමාජේ සතුරෝ", "බිනරමලී", "අක්කර පහ", "ප්‍රියංගා" "තුංමං හන්දිය", "සමනල කුමරියෝ" "නිධානය", "
මුවන් පැලැස්ස 2", "බැද්දේගම", "බාදුරාමල්", "අන්ජානා", "ආරාධනා", "කැලෑ මල්", "වාසිටි කෙල්ල", "මලට නොඑන බඹරු","කඩවුණු පොරොන්දුව" (නව), "චුට්ෙටෙ" "සෙනෙහසක කදුළු", "සිස්ටර් මේරි" "රතු මකරා" "හිත හොද කොල්ලෙක්", "අම්මයි දුවයි","බට්ටි", "මිහිදුම් සළු", "මව් බිම නැත්නම් මරණය", "රැජිණ", "රෝසි", "දූ දරුවෝ", "කිරි මදුවැල්", "දුෂ්‍යන්ති", "සූර සරදියෙල්", "චන්ඩින්ගෙත් චන්ඩියා ", යුවති පති', "මහ මෙර උසට', "ගිනි අවි සහ ගිනි කෙලි", 'රෝස වසන්තය", "සමුනොගන්න සුගන්ධිකා", "ඩබල් ගේම්", ""සුන්දර වරද", "වස්සානේ සෙනෙහස", "දරුවනේ", "ප්‍රතිරූ", "ඉර ලග වැඩි", "පත්තිනි" යන චිත්‍රපට වල කැපී පෙනෙන චරිත රගපෑවේය. මෙම නාමවලිය තව තවත් ඉදිරියට දිගුවෙනු ඇත.
'ගොලු හදවත",චිත්‍රපටයේ රගපෑම් වෙනුවෙන් කුසලතා සමිමානයද, ' "අරුණට පෙර" චිත්‍රපටය වෙනුවෙන් හොදම නලු සම්මානය හිමි කරගත් මොහු රූපවාහිනි ටෙලි නාට්‍ය ක්රෙෂ්තයේ නම් නොදකින දිනයක් නැත
එතරම් ටෙලිනාට්‍ය විශාල ප්‍රමානයක ඔහු රගපෑවේය, රගපාමින් සිටින්නේය, ඉදිරියටද රගපානු ඇත. එයින් 'ගේ කුරුල්ලෝ" හී රගපෑ ප්‍රධාන මෙන් විශිෂ්ට චරිතය සමිමානනීය විය.
ඔහු ගුවන් විදුලියෙත්, රූපවාහිනි හා පුවත් පත් දැන්වීම් තුලින්ද දැඩිඉල්ලුමක් ඇති රංගන ශිල්පියෙකි.
අප කොහේ හිටියත් ,දැස් පියා සිටියත් මොහුගේ කට හඩ හදුනා ගැනීම නම් කිසිසේත් අපහසු නොවේ. එතරම් ප්‍රබල හඩකි ඔහුට ඇත්තේ.
කලාවේ හැම අහුමුල්ලක්ම ස්පර්ශ කෙරු ඔහු, ඒ සියල්ලෙන්ම අතී සාර්ථක වූවද, ඔහුට අප රටෙන් නිසි අගැයීමක් ලැබුනාදැයි අප අපෙන්ම අසාගත යුතුය. කෙතරම් ඇසුවද අපට කියන්නට හැක්කේ "නැත" යන්නය. එයට තවම පමා නැත. මේ උත්කෘෂ්ට කලා කරුවාට ගරුබහුමන් දැක්වීමට, වගකිවයුත්තන්ගේ අවධානය යොමු කර ඒ නිසි අගැයුම ලබා දීමට තවම පමා නැත.
ශෝන් මැක්ස්මස් දිසානායක