ඒ කාලෙ දිවයින පත්තරේ සමාජ ශාලා, සම්භාහන ආයතන, ගණිකා නිවාස ගැන දිග ආටිකල් පළ වුණා. (තාමත් තියෙනවද දන්නෙ නෑ) ඒවායේ අරමුණ වුණේ විරෝධය, හෙලා දැකීම හා විවේචනය. ඒ වුණාට සමහර ලේකඛයෝ වෙස් වලාගෙන පවා ඒවා ඇතුළට ගිහින් ඒවායේ සිද්ද වෙන දේවල් පියවරෙන් පියවර විස්තර කළේ පාඨකයාට නැරඹුම් කාමී ලිංගික තෘප්තියක් ලැබෙන ආකාරයෙන්. මේක ලංකාව වගේ රටක හොඳ මාකටින් උපක්‍රමයක්. දිවයින කියවලා ආතල් එක ගත්තෙ නව සරණ කියවන්න නොලැබෙන, නැත්තං කියවන්න හිත හදා ගන්න බැරි පිරිස. මේ බෞද්ධ රටේ මෙහෙමත් දේවල් සිද්ද වෙනවද හැබෑට කිය කියා මේ අය වෙනම ආතල් එකක් ගත්තා.
ඉරාජ් මේ මාකටින් උපක්‍රමය බොහෝම අපූරුවට රූප මාධ්‍යයට අරන් එනවා. කාන්තා හිංසනයට විරෝධය පෑම කියන සොලෝගන් එක ඉස්සරහට දාගෙන මේ දෙන්නෙ වෙන ආතල් එකක්. අන්තර්ජාලය සුලබ මේ කාලෙ ලේසියෙන්ම බ්ලූ ෆිල්ම් එකක් බලන්න පුලුවන් කම තියෙද්දි ඉරාජ්ගෙ වීඩියෝ එක මේ තරම් මාකට් වෙන්නෙ ඇයි?
ඒකට හේතුව ලංකාවෙ ගෑනුන්ගෙ මිනිස්සුන්ගෙ හිතේ තියෙන ගිල්ටිනස් එක. බ්ලූ ෆිල්ම් එකක් බලන්න හිත හදා ගන්න බැරිකම. අනේ මේ බලන්න අසරණ ගෑනු දූෂණය වෙන හැටි කිය කියා ඉරාජ්ගෙ වීඩියෝ එකෙන් ආතල් එකක් ගන්න මේ අයට පුලුවන්.
මේ වගේ මාකටින් උපක්‍රමයක් පාවිච්චි කරන එක ගැන මට නම් ඉරාජ් එක්ක අවුලක් නෑ. මොකද ලංකාව වගේ හැම දේම අවුල් වෙච්ච රටක පල්වල ඉහගෙන කෑම ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති හින්දා. මේ උපක්රමයට ප්රර්තිවිරෝධයක් විදිහට කරන්න තියෙන්නෙ පත්තර ලෑල්ල යට හංගල තියෙන නව සරණ ලෑල්ල උඩට ගේන එක. බ්ලූ ෆිල්ම් සම්බන්ධ නීති ලිහිල් කරන එක. ඒත් ලංකාවෙ මිනිස්සුන්ට ඒවා කියවන්න, බලන්න හිත හදා ගන්න නම් තවත් බොහෝම කාලයක් යාවි. ඒ හින්දා මේ මාකටින් උපක්‍රමය තවත් කාලෙකට අවලංගු වෙන්නෙ නෑ.
හැබැයි දිවයිනේත් ඉරාජ්ගේත් ලොකු අවුලක් තියෙනවා. ඒක තමයි ලිංගික සංස්කෘතිය ගැන වැරදි වැටහීමක් සමාජයට දෙන එක. මේ වීඩියෝවෙ බීඩීඑස්එම් දක්වල තියෙන්නෙ ඒක ස්ත්‍රී දූෂණයට සම්බන්ධ කාරණාවක් විදිහට. ඇත්ත කාරණය වෙන්නෙ මේ දෙක අතර කිසිම සහ සම්බන්ධයක් නැති එක. බීඩීඑස්එම් කියන්නෙ අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය, සාකච්ඡාව සහ සම්මුතිය මත කෙරෙන සෙක්ස් ඇක්ට් එකක්.
දෙමාපියො, සහෝදර සහෝදරියො එක්ක මහගෙවල්වල ගාල් වෙලා ඉන්න, තමුන්ගෙ නිදන කාමරේම දරුවන්වත් නිදි කරව ගන්න සිද්ද වෙලා තියෙන ලංකාවෙ බහුතර ගෑනුන්ට මිනිස්සුන්ට බීඩීඑස්එම් කියන්නෙ හිතා ගන්නවත් අමාරු තරම් දුර සංකල්පයක්. එහෙම සමාජෙකට මේ දෙන වැරදි ආදර්ශය බිය කරුයි. හානි දායකයි.
අනුර ප්‍රේමරත්න