සනුක වික්‍රමසිංහගෙ පෙරවදනක් ගීය ඇසීමි.
ගැයුම සංගීතය සහ පද ඉතා ප්‍රශස්තය.
වඩාත් සුබදායි කාරණාව නම් රූපරචනය වේ..
සුරූපී කාන්තාවකගෙ නිරුවතක් හෝ උපත් පාලන කොපුවක් වත් එහි නැත..
අග සිට මුලට ගලපන රූප හා ගීය එක මත වැටේ.
මුල් රූපරාමුවේ සිට අවසාන රූපරාමුව තෙක්ම වෙනමම කතාවක ඇත.
සිනමාත්මකය..
සනුක දක්ශය.
එය අවිවාදිතය.ඉරාජ්ගේ මුල් යුගයේ කළ j town story කලේ ඉරාජ්ගේ මුල් කාලයේය..
Sepia පැහැගත් මුලු වීඩියෝවම යුද සමයේ කොටි කටේ යාපනයේ දමිල තරුණයාගෙ කතාව සැකෙවින් තිබින..ජේ ටවුන් සිට නදීශාට සිල්බිඳවීම තෙක් ඉරාජ් දශකයක් තුල රූපාන්තරණය විය..දැන් සනුකගේ සමයය.සනුකට වර්තමාන තාරුණ්‍යය ඉතා ආදරය කරයි.එය ඉරාජ්ට වඩා සුබවාදි ආදරයකි.සනුක දෙස සුබවාදීව බලන පරම්පරාවට මමත් අයිතිය..
මේ ආරම්භක වෙඩිමුරය ඉතා සුබය.
ඉරාජ පටලවා ගත්තැන ඔබ නොපැටලේයැයි විශ්වාස කරමි.
තුරුම්පු වාසිය ඔබේය.
ඔබ ඉරාජ්ව කපා ඇත.
සංගීත් වික්‍රමසිංහ තාත්තාගෙන් එන පිටවාසියද ඔබට අයත්ය.
මේ තරඟය සෙපෝරුවකින් අවසන් නොවී ජයග්‍රහණයකින් අවසන් වනු දැකීමට කැමත්තෙමි..ඉදිරි තීරණාත්මක දශකය සුබවාදි වනු ඇතැයි බලාපොරොත්තු දලවාගෙන සිටිමු...
සනුක වික්‍රමසිංහ ඔබට ජය...
යසස් සෙනරත් වීරකැටිය