දශක තුනකට පමණ පසු ගාසා තිරයේ වෙසෙන පලස්තීන වැසියන්ට සිය පැරණිතම සිනමාහලේ සිට චිත්රපටයක් නැරඹීමේ අවස්ථාව 26 වැනි සෙනසුරාදා දින උදා විය.
එක් දිනක් පමණක් සමෙර් සිනමා ශාලාවේ තිරගත වූ මෙම සිනමාපටය නැරඹීම සඳහා සිය ගණනක් කාන්තාවන් සහ පුරුෂයන් සහභාගී වී සිටියහ.
චිත්රපටය නිම වී තිබුනේ ඊශ්රායල් සිර කඳවුරු වල වෙසෙන පලස්තීන සිරකරුවන් පිළිබඳවත් ඔවුන්ගේ ජිවන අරගලය පිළිබඳවත් ය.
හමාස් සංවිධානය විසින් වසර 10 කට ආසන්න කාලයක් ගාසා තිරය පාලනය කරන අතර එහි වෙසෙන මිලියන 2 කට අධික පිඩිත ජනතාවට සිනමා නිර්මාණයක් රස විඳීම සඳහා වසර ගණනාවකින් ඉඩ පහසුකම් ලැබී නැත.
ඒ ඊශ්රායල් පලස්තීන අර්බුදය නිසා වසර ගණනාවක් සිනමාශාලා වසා තැබීම නිසාවෙනි.
ගාසා තිරයට නැවත සිනමාව ගෙන ඒම සංඛේතවත් කිරීම පිණිස මෙම උත්සාහය ගත් බව සිනමාපටය තිරගත කිරීමේ කටයුතු සංවිධානය කළ පිරිස පවසා තිබේ.