දුම් ගහල තම්බන්න
කිරි දියෙන් නාවන්න
මල් දාල සුවද දෙන
මේ ඇඟිලි හැදුවෙ නුඹ
හිත් අස්සේ රජ වෙන්න
සම්පත්ම අයදින්න
රන් මාල පළදන්න
මේ ඇගිලි හැදුවේ නුඹ
හිස තියන් වඩමන්න
අත් බැදන් දොහොත් දීගෙන
නුඹව දෙවියන් කළ
මඩ තවම මේ දෑත් මත
මිටියෙන් ගසා පොඩි කළ හැකි
මැටියෙන් තැනූ නිමැවුමකි ඔබ
නම් ආරුඪ කළ පසු
බඩුත් දෙවියන් වූ තැනකි ලොව
- ඇසළ