මේ දවස් වල ශ්‍රී ලාංකීය යෞවන කෙටි චිත්රපටිකරුවන් අතර COINS ප්‍රධාන මාතෘකාවක් වෙලා. මොකක්ද මේ COINS ?
COINS කියන්නේ Colombo International Student Film Festival . ලංකාවේ කරන එකම International Student Film Festival එක. ඒ වගේම හෙට දවසේ සිනමාකරුවන් වෙන්න ඉන්න පිරිසගේ පළවෙන ප්ලැට්ෆෝම් එකක් වන COINS මෙවර සූදානම් වෙනනේ තෙවන වරට.
COINS film fest 2017 සංවිධානය කරනනේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ 2015-17 සිනමාකරණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමාව හැදෑරූ ශිෂ්‍යයන්ගේ අවසන් ව්‍යාපෘතිය වශයෙනී. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ මහතාගේ අධීක්ෂණය යටතේ පාඨමාලා සම්බන්ධීකාරක සිනමා ඡායාරූප ශිල්පී කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක, සිනමා අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීනයන් රැසකගේ මඟ පෙන්වීම යටතේ සැප්තැම්බර් 7-8-9 යන දිනයන්හි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී COINS film fest 2017 අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.
ලාංකීය කෙටි චිත්රපටිකරුවන් ජාත්‍යන්තරය හා මුසු කරමින් මේ මොහොතේ ගෝලීය සිනමාවේ නව ප්රවණතා සමග ඔවුන්ගේ නිර්මාණ ඇගයීම COINS film fest හි අරමූණක් වන අතර දෙස් විදෙස් චිත්‍රපට ඉතා විශාල සංඛ්‍යාවක් COINS හි නිර්මාණ බාර ගැනීමේ අවසන් දිනය වූ අගෝස්තු 07 වෙනීදා වන විටත් ලැබී තිබුණි.
චිත්‍රපටි උළෙලේ ප්‍රධානම අංගය වන තරගකාරී අංශයට මේ වන විට අවසන් චිත්‍රපටි 40 තෝරාගැනීමේ කටයුතු සුදානම් කරමින් පවතී. ඒ සදහා කෙටි චිත්‍රපටි පමණක් තෝරා ගන්නා අතර එම 40 න් ගෝල්ඩන් කොයින් ඇතුළු සුවිශේෂී වු සම්මාන 15 ක් නිර්දේශ වීමට නීයමිතයි. ඒ වගේම එම චිත්‍රපටි සැප්තැම්බර් 7-8-9 දිනයන් හි මහජනයාට ප්‍රදර්ශනය කරයි. බෙල්ජියම, බුසාන්, රුසියාව, ඉරානය, ජර්මනිය, සිංගප්පුරුව සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක සුවිශේෂි චිත්‍රපටි පැකේජයන් උළෙලට සමගාමීව ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
ඉරාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක අබ්බාස් කියරොස්තාමි ප්‍රත්‍යාවලෝකනය සහ ඉන්දියානු කැමරා ශිල්පි සනී ජෝශප් ප්‍රත්‍යාවලෝකනය මෙන්ම Being Born 2016 ඉරාන චිත්‍රපටිය සහ තවත් වෘතාන්ත චිත්‍රපටයක් රාත්‍රී එළිමහන් දර්ශනයක් ලෙස, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ එළිමහන් රංගප පීඨය වන “නුගය ̃ භූමියේදී පැවැත්වීමට ද සූදානම් කර ඇත. එය ලාංකීය ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් වනු ඇතැයි සංවිධායක මණ්ඩලයේ අදහසයි.
COINS චිත්‍රපට උළෙලට සමගාමීව ඉන්දියානු සිනමා ඡායාරූපශිල්පී සනී ජෝශප් විසින් මෙහෙය වන Master Class එකක් සැප්තැම්බර් මස 08 වන දින උදෑසන පැවැත්වීමට නීයමිතව ඇත. පාසැල් ළමුන් සදහා සිනමාව සමීප කිරීමේ අරමූණින්, ප්‍රවීන සිනමා ඡායාරූපශිල්පී
M.D. මහින්දපාල විසින් සැප්තැම්බර් 07 වන දින පාසැල් ළමුන්ට සිනමාකරණය පිළිබඳ වැඩමූළුවක් ද පැවැත්වීමට නියමිතය. මෙම master class වැඩමුළුව සදහා අයදුම්පත් COINS වෙබ් අඩවියෙන් (coinsfilmfest.com) හෝ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටි COINS කාර්යාලයෙන් ලබා ගත හැක.
ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ කාන්තා මැදිහත්වීම ඉතාම අල්ප මට්ටමක විහිදෙන නීසා මෙවර COINS හිදී කාන්තා සිනමා දායකත්වය අගය කිරීම සහ ඒ වෙනුවෙන් නව මාවතක් විවෘත කරමින් වැඩමූළු කිහිපයක් සහ විවෘත සංවාදයක් COINS උළෙල අතරතුර කිරීමට ද සංවිධායකයන් බලාපොරොත්තු වෙනවා.
සිනමා උළෙල පැවැත්වෙන භුමියේ (පදනම් ආයතන පරිශ්‍රයේ) සිනමා ඉතිහාසය, වර්තමානය සහ අනාගතය ආවරණය වන අයුරින් ප්රදර්ශනයක්ද සංවිධානය වෙමින් පවතිනවා. සිනමා කෞතුකාගාරයක්, සිනමා උපකරණ සහ ඒවායේ තාක්ෂණය සහ තාක්ෂණික ප්‍රයෝග මෙම ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් වනු ඇත.
හෙට දවසේ සිනමාකරුවන්ගේ නිර්මාණකෞශල්ය දැක බලාගන්න, ජාත්‍යන්තර සිනමා උළෙලක
අත්දැකීම විඳගන්න එන්න. හෙට දවසේ සිනමාවේ පිපෙන්නට නියමිත මල්, අද සිනමා පොහොට්ටු ලෙස ඔබ එනතුරු බලා සිටී.
තරිඳු ජයරත්න