සිය හඬ ලෝකයාට ඉදිරිපත් කිරීම උදෙසා අපුරු ස්ථානයක් නිර්මාණය කරගැනීමට පලස්තීන කාන්තාවන් පිරිසක් සමත්ව තිබෙනවා.
කාන්තාවන් 12 දෙනකු එක් වී ඒ සඳහා නිර්මාණය කොට ගත්තේ ‘හවා’ නමින් හැඳින්වෙන ගුවන් විදුලි මධ්‍යස්ථානයකි.
සියයට සියයක්ම කාන්තාවන් අතින් පාලනය වෙන මෙම ගුවන් විදුලි සේවා මධ්‍යස්ථානය ගාසා තිරයේ වෙසෙන කාන්තාවන් උදෙසා වෙන් වූ පළමු රේඩියෝව ලෙස සැලකේ.
එහිදී කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳව ඔවුන් මුහුණ දෙන ගැටළු පිලිබඳ කතිකාවතක් ගොඩ නැගීමට උත්සහ කර තිබෙනවා.
ගුවන් විදුලි මධ්‍යස්ථානයේ විකාශන කටයුතු සිදු වන්නේ බියුරිජ් සරණාගත කඳවුරේ සිටය.