තුමිඳු දොඩන්තැන්න, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන විශේෂයෙන්ම වේදිකා නාට්‍ය අංශයෙන් සම්මානයට පාත්‍ර වුනු සුවිශේෂී නිර්මාණකරුවෙක් ලෙස සරලව හඳුන්වා දිය හැකියි. තුමිඳු කියන චරිතය වැඩිපුර රුපවාහිනී මාධ්‍ය තුල දකින්න නොලැබුනත් ඔහු ප්‍රේක්ෂකයා අතරට පැමිණි නිර්මාණ කිහිපයෙන් පවා අප වෙනම ඉසව්වකට ගෙන යාමට උත්සහ කළා. ඔහු සිය රංගන දායකත්වය ලබාදෙන නවතම නිර්මාණය තමයි “කුඹියෝ” කියන්නේ. මේ දිනවල ස්වාධින රුපවාහිනියේ විකාශය වන කුඹියෝ ටීවී සිරිස් එක අළලා තුමිඳු දොඩන්තැන්න ගැන ඔහුගේ යහළුවෙක් අපුරු සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. මොහොමඩ් ෆර්ශාන් අතින් ලියවුණු මේ අපුරු සටහන ඔබ වෙත ගෙන ඒමට මිරර් ආට් කටයුතු කළා.
“තුමිඳු අපිව රැවැට්ටුවා.
************************
අනූ ගණන්වල මුල් කාලෙම ළමා නාට්‍ය බලන්න ඉස්කෝලෙ මේන් හෝල් එකේ වාඩිවුනු අපිට...දොඩමා ළමා නාට්‍ය කියලා බොරු කියලා පට්ට ප්රබුද්ධ නාට්‍ය පෙන්නුවා..
ඕකා ඒ බලු වැඩේ දිගටම කළා...තේරුණේ නැති නාට්‍ය ගොඩක් පෙන්නුවා...
පස්සෙ ඔන්න මිනිහ එක්ක රඟපාන්න ආවම උගේ නාට්‍ය කියලා...පට්ටපල් බොරු කියලා හෙන්රි ජයසේන,සුගතපාල සර් සහ නම කියවන්න බැරි රුසියානු,ඉතාලියානු,රෝමානු නාට්යකාරයින්ගේ නාට්‍ය ඝණයේ ස්ක්‍රිප්ට් පෙන්නුවා..
අපිට පුළුවන්ද ඒ කොලිටියට රඟපාන්න ? විකාරනේ...
හැබැයි ඌ කෙරෙව්වා.අපි ලවා ඒ නාට්‍යත් කෙරෙව්වා. දෙබස් ඉල්ලුවම දෙබස් කෑළි දෙක තුනක් විතරක් තියෙණ චරිත දුන්නා...
මොමා රඟපානවා කියන්නේ දෙබස් කියවීම නෙමෙයි බන්...ඌ අපිට ඉගැන්නුවා...දෙන්නෙ දෙබසයි දෙකයි හෝල් එකේ අන්තිම සීට් එකේ ඉන්න ප්‍රේක්ෂකයට ඇහෙන්න කියන්න කිවුවා. ඌ ගිහින් අන්තිම පේළියේ වාඩිවෙලා අපේ දෙබස් ඇහෙනවද බැලුවා. පුදුම පරිප්පුවක් දුන්නෙ අපිට.
අන්තිමට මුන්ගෙ නාට්‍ය ඉස්කෝලෙ ළමයින් බලන ඒවාට එහා ගිය නිසා අපි ෆුල් ගේමක් දුන්නා 97 ඉස්කෝලෙ කලා උළෙලවත් ජෝන් ද සිල්වා එකේ පෙන්වන්න..
ඉස්කෝලෙන් ඉඩ දුන්නෙ නෑ.
ඒ කේන්තියටදෝ කොහෙදෝ දොඩමා ඉස්කෝලෙන් අවුට් වුණු ගමන් හැදුවා අරුන්දතී කියලා ඩ්‍රාමා එකක්..ඉස්කෝලෙදි වගේම එතැනදිත් වෙන එකෙකුට එක සම්මානයක්වත් ඉතුරු කරන්නෙ නැතුව මේ මනුස්සයා යෞවන සම්මාන ඔක්කොම ගෙදර අරන් ගියා..
දොඩමා අපිට කරපු ලොකුම රැවටීම තමයි ඔච්චර වැඩ්ඩෙක් කියලා ඔප්පු කරලා වැඩිය ටෙලිවල සහ වැඩිය ෆිල්ම්වල පේන්නවත් නොහිටපු එක.අඩුම ගානෙ අපි උගෙ ඩ්‍රාමා එකක පැත්තකින් උන්නා වගේ පොඩි කෑළිවලටවත් හිටියෙ නැති එක.
දවසක් අපේ අම්මා අහනවා
"කෝ ඔයාගෙ මහලොකු තුමිඳු? කිසිම නාට්‍යක නෑනේ ?"
ඒ මිනිස්සු හරිනෙ බන්..අපි ගහපු පම්පෝරිවල හැටියට...
ඒ මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න දුන්නෙ නෑනෙ ඉස්කෝලෙ කාලෙ. අනික ඒ අය ටවර් හෝල්,එල්පින්ස්ටන්,පුංචි තියටර් යන මිනිස්සු නෙමෙයිනේ.
හැබැයි ඉතින් දෙකේ කොලේ නිර්මාණවලට උඹ හා කියන්නේ නැති බව හොඳින් දන්න නිසා උඹ ඔය ටීවී එකේ නිතර නොදැක්කා කියලානම් මං ඇඬුවෙ නෑ...හැබැයි උඹලා කවදහරි "කූඹියෙක් " වෙලා වත් මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා විශ්වාසෙන් උන්නා.. ඒකයි මේ පිංතූර එහෙම අපි පුස් කෑවත් පරිස්සම් කරලා තියාගත්තේ.
හා දැං මේඋඹට කියාගන්න ඕනේ දොඩමව උඹ අඳුරනවා කියලනේ.
නැතුව ඒක තමයි කියන්න ඕනෙ වුණේ.ආඩම්භරයෙන් කියන්න ඕනෙ වුණේ .අනික මං මෙහෙමවත් ඌව මාකට් නොකලොත් අපි ඒ කාලෙ ප්ලේන්ටියයි වඩේ එකකුයි විතරක්ම බඩට දාගෙන කරපු දේවල්වල ඵලක් නෑනේ.
කූඹියෝ බලන්නත් කලින් "කූඹියෝ පට්ට වේවි,දොඩමගෙ හැකියාවට තැනක් තියේවි...දොඩමයි කූඹියොයි ගැන රටම කත කරාවි "
කියලා ලීවේ ඒ නිසයි.
සමහර කූඹින්ට පුළුවන් අලි වැඩ කරන්න. හැබැයි ඉතින් එකම දුක කූඹි වුණාට දොඩමාලා ගැන මීට අවුරුදු 20 කට වත් කලින් හැරිලා නොබලපු එක...”